Home » රුසියානු ඔත්තුකරුවන් පෝලන්තයේදී අල්ලයි

රුසියානු ඔත්තුකරුවන් පෝලන්තයේදී අල්ලයි

by Nirodha Gamage

රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැකපිට විදේශීය පුරවැසියන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පෝලන්ත රජයේ නිලධාරීන් පවසා තිබේ.

RMF FM ගුවන්විදුලිය වාර්තා කළේ පෝලන්ත ආරක්ෂක සේවා රුසියාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ඔත්තු ජාලයක් බිඳ දැමූ බවයි.

යුක්රේනයට ආධාර සැපයීම සඳහා භාවිතා කරන යටිතල පහසුකම් රූගත කිරීම සඳහා රහසිගත කැමරා සවි කළ බවට සැකපිට පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

RMF FM පැවසුවේ ඔවුන් කඩාකප්පල්කාරී සැලසුම් සකස් කර ඇති බවයි.

යුක්රේන යුද්ධයෙන් පසු රුසියාව සහ බටහිර රටවල් අතර දශක ගණනාවක් පුරා ඔත්තු බැලීමේ ගැටුම උත්සන්න වී තිබේ.

පෝලන්තය යුක්රේනයේ ප්‍රබලතම මිත්‍ර රාජ්‍යයක් වන අතර පසුගිය පෙබරවාරියේ ආක්‍රමණයෙන් පසු රුසියාවට ඔත්තු සැපයූ බවට සැකපිට කිහිප දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions