Home » වාතයෙන් විදුලිය නිපදවන එන්සයිමය 

වාතයෙන් විදුලිය නිපදවන එන්සයිමය 

by Nirodha Gamage

ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් වාතය ශක්තිය බවට පරිවර්තනය කරන එන්සයිමයක් සොයාගෙන තිබෙනවා. නේචර් සඟරාවේ පළ වූ මෙම සොයාගැනීමෙන් හෙළි වන්නේ මෙම එන්සයිමය වායුගෝලයේ ඇති හයිඩ්‍රජන් අඩු ප්‍රමාණයකින් විදුලි ධාරාවක් නිර්මාණය කරන බවයි. මෙම සොයා ගැනීම වාතයෙන්  ශක්තිය නිපදවන උපාංග නිර්මාණය කිරීමට මාර්ගය විවෘත කරයි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි Monash University Biomedicine Discovery Institute හි Dr Rhys Grinter, PhD ශිෂ්‍ය Ashleigh Kropp සහ මහාචාර්ය Chris Greening ප්‍රමුඛ පර්යේෂක කණ්ඩායම, පොදු පාංශු බැක්ටීරියාවකින් හයිඩ්‍රජන් පරිභෝජනය කරන එන්සයිමයක් නිපදවා විශ්ලේෂණය කරන ලදී.

කණ්ඩායමේ මෑත කාලීන වැඩකටයුතු පෙන්වා දී ඇත්තේ බොහෝ බැක්ටීරියා පෝෂක- බලශක්ති ප්‍රභවයක් ලෙස වායුගෝලයේ ඇති හයිඩ්‍රජන් භාවිතා කරන බවයි.

“ඇන්ටාක්ටික් පස, ගිනිකඳු ආවාට සහ ගැඹුරු සාගර ඇතුළුව බැක්ටීරියාවන්ට වර්ධනය වීමට සහ පැවැත්මට උපකාර කිරීම සඳහා ශක්ති ප්‍රභවයක් ලෙස වාතයේ ඇති හයිඩ්‍රජන් භාවිතා කළ හැකි බව අපි කලක සිට දැන සිටිමු” යැයි මහාචාර්ය ග්‍රීන්ං පැවසීය. “නමුත් ඔවුන් මෙය කළේ කෙසේදැයි අපි මෙතෙක් දැන සිටියේ නැත.”

මෙම නේචර් පත්‍රිකාවේ, පර්යේෂකයන් විසින් වායුගෝලීය හයිඩ්‍රජන් භාවිතා කිරීමට හැකි Mycobacterium smegmatis නම් බැක්ටීරියාව හඳුන්වා දෙන ලදී. එහි ඇති Huc නම් මෙම එන්සයිමය හයිඩ්‍රජන් වායුව විද්‍යුත් ධාරාවක් බවට පත් කරන බව මෙමගින් ඔවුන් පෙන්වා දේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions