Home » අගමැති දිනේෂ්ට එරෙහිව විශ්වාසභංගයක්

අගමැති දිනේෂ්ට එරෙහිව විශ්වාසභංගයක්

by Nirodha Gamage

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංගයක් කිරීමට සූදානමින් සිටින බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් සිටිනවා.

පලාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ට උපදෙස් දීම මගින් ව්‍යවස්ථාදායකය නොමග යැවීමේ චෝදනාව මත මෙම විශ්වාසය භංගය ගෙන ඒමට සාකච්ඡා වෙමින් ඇත.

සමගි ජන බලවේග මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසන්නේ පළාත් පාලන මැතිවරණයට හිතාමතාම බාධා කර එමගින් ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට අගමැතිවරයා උත්සහ කළ බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ද පසුගිය කාලය පුරාම අගමැතිවරයා ඉවත් කිරීම වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක සිටි අතර යම් ආකාරයකින් අගමැති දිනේෂ්ට එරෙහිව මෙම විශ්වාසභංගය ඉදිරිපත් කළහොත් ඔවුන් අගමැතිවරයා බලයෙන් පහකිරීම සඳහා ක්‍රියාකරනු ඇති දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions