Home » ධවල මන්දිරය නිසා හැඟීම්බර වූ මිෂෙල්

ධවල මන්දිරය නිසා හැඟීම්බර වූ මිෂෙල්

by Nirodha Gamage

වසර අටකට පසු තම පවුලේ නිවස හැර යාමේ හැඟීම් සහ ට්‍රම්ප් බලයට පත්වීම පිළිබඳ අමනාපය ඇයව බිඳ දැමු බව , මිෂෙල් ඔබාමා පසුගියදා ප්‍රකාශ කළේය. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වූ දිනයේදී හැඟීම්බර ලෙස මිෂෙල් සිටින අයුරු දැක්වෙන සේයාරූ පිළිබඳ ඇයම මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමිනි.

“එහි දොරවල් වැසෙන විට, මම විනාඩි 30 ක් එක දිගට, පාලනය කරගත නොහැකිව වැලපෙමින් ඇඬුවෙමි, මන්ද අපි වසර අටක් තිස්සේ එකට තබාගෙන සිටි නිවාස එයයි ,” ජනාධිපති ගුවන් යානයේ ඇගේ අවසන් ගමන ගැන සඳහන් කරමින් මිෂෙල් ඔබාමා පැවසීය.

“සමාරම්භක උත්සවයෙන් පසුව එදින විවිධ හේතු මත ඉතා හැඟීම්බර විය. අපි අවුරුදු අටක් තිස්සේ සිටි නිවසින් පිටව ගියෙමු, එය අපේ දරුවන් ඇත්තටම දැන සිටි එකම නිවසයි, “ඔවුන්ට චිකාගෝව මතක නමුත් ඔවුන් කොතැනකටත් වඩා ධවල මන්දිරයේ වැඩි කාලයක් ගත කර ඇත. ඉතින් අපි කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ව ඇති දැඩි කිරීමට උදව් කළ සියලුම දෙනාගෙන් සමුගෙන යමින් සිටියෙමු. එය එතරම් හැඟුම්බර වූයේ එබැවිණි.” මිෂෙල් ඔබාමා පැවසීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions