Home » තමිල්නාඩු බිත්තර සමග කුරුළු උණ

තමිල්නාඩු බිත්තර සමග කුරුළු උණ

by Nirodha Gamage

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම හේතුවෙන් රට තුළ කුරුළු උණ රෝගය පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කේ.බී ගුණරත්න මහතා පැවසීය.

තමිල්නාඩුවෙන් ඇණවුම් කළ අදාළ බිත්තර තොගය සමග කුරුළු උණ පැමිණීමේ අවධානම ඉහළ බවයි ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ.

කුරුළු උණ හේතුවෙන් තමිල්නාඩුවේ බිත්තර මිල පහත වැටී ඇති බවද ඔහු කියා සිටියා.

මේ අතර, ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත බිත්තරවල ප්‍රමිතිය පිළිබඳ ප්‍රමිති වාර්තාව අද දිනයේදී ලැබෙන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ සත්ව හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ යුතු මෙම වාර්තාව නොලැබීම හේතුවෙන් බිත්තර ආනයනය ප්‍රමාද විය.

මේ අතර ඉන්දීය බිත්තර ආනයනය කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු රුපියල් මිලියන 75ක් ඉල්ලා ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වයඹ පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු ව්‍යාපාරිකයින් දැඩි විවේචනයක් එල්ල කර තිබේ.

අමුද්‍රව්‍ය මිල පහත දමා දේශීය බිත්තර නිෂ්පාදකයින් ශක්තිමත් කිරීම වෙනුවට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇති බව ඔවුහු පැවසූහ.

අමුද්‍රව්‍ය මිල අඩු කළහොත් බිත්තරයක් රුපියල් 25ක මිලකට අලෙවි කළ හැකි බව ඔවුන් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් තමිල්නාඩුවෙන් ආනයනය කිරීමට නියමිත බිත්තර මිලියන දෙකක ප්‍රමාණය බේකරි නිෂ්පාදන සඳහා පමණක් අමුද්‍රව්‍ය ලෙස භාවිත කළ හැකි අතර එම බිත්තර කටු පරිසරයට මුදා හැරීමද තහනම් කර ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions