Home » වසර 700 ක් පැරණි රාජාභිෂේක පුටුව අලුත් වෙයි

වසර 700 ක් පැරණි රාජාභිෂේක පුටුව අලුත් වෙයි

by Nirodha Gamage

අටවෙනි හෙන්රි රජතුමා සහ අනිකුත් රාජකීයයන් ඔටුණු පැළඳි ඓතිහාසික රාජාභිෂේක පුටුවට, මේ වසරේ තෙවැනි චාල්ස් රජුගේ උත්සවයට පෙරාතුව අලුත් මුහුණුවරක් ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වසර 700 කට ආසන්න කාලයක් තිස්සේ මෙම රාජාභිෂේක පුටුව නිල කිරුළ පැළඳීමේ උත්සවය සඳහා යොදාගන තිබෙනවා.

තෙවැනි චාල්ස් රජුගේ නිල කිරුළ පැළඳීමේ උත්සවය මෙම වසරේ මැයි 6 වැනිදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබී හීදී පැවැත්වීමට නියමිතව ඇත. රාජාභිෂේක පුටුව පළමු එඞ්වර්ඞ් රජතුමාගේ නියෝග පරිදි සදා තිබේ. සෑදු මුල් අරමුණ වෙනුවෙන් භාවිත කරන ලොව පැරණිතම ගෘහ භාණ්ඩය මෙයයි.

1308 වසරේ සිට බ්‍රිතාන්‍යයේ කිරුළ පැළඳීමේ උත්සව වලදී මෙම රාජාභිෂේක ආසනය භාවිතයට ගෙන ඇත. සිවුවැනි හෙන්රි රජතුමා කිරුළ පැළඳ ඇත්තේද මෙම ආසනයේ සිට බවද පැවැසෙයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions