අය වැය ඡන්දය ගැන ජනපති කනස්සල්ලෙන්
previous post
2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 43 කින් සම්මත වූවා.
මෙහිදී පක්ෂව ඡන්ද 123ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 80ක් ලැබුණි. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය භාවිත කිරීමෙන් වැලකී සිටියහ.
කෙසේ වෙතත් අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරය අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම ආණ්ඩුවේ බහුතරය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි වාර්තා වන්නේ. එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන පරිඡය අනුව ඔහුට අයවැය තවත් වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත කර ගැනීමට කරගැනීමට උවමනා කර තිබූ බවයි. කෙසේ වෙතත් මේ අනුව පෙනී යන්නේ ජනපති රනිල්ගේ දේශපාලන සෙල්ලමට විපක්ෂ අවනත කර ගැනීම උදෙසා ඔහුට ඇති නොහැකියාවයි.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.