Home » නීති ශිෂ්‍යයන් වෙනුවෙන් පෙරට එන මන්ත්‍රී ගම්මන්පිල

නීති ශිෂ්‍යයන් වෙනුවෙන් පෙරට එන මන්ත්‍රී ගම්මන්පිල

by Plus One

විශ්ව විද්‍යාලයේ නීති අංශයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීම නීතිඥ වෘත්තිය ප්‍රභූ පන්තියට පමණක් සීමා කිරීමේ කුමන්ත්‍රණයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

” නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් කිරීම පිළිබඳ මේ ගරු සභාවේ දින ගණනාවක් සාකච්ඡාවක් සිදු වුණා. මෙහිදී බොහෝ මන්ත්‍රීවරුන් මතුකල කාරණයක් තමයි 2020 ට කලින් නීති ප්‍රවේශ විභාගය සිංහලෙන් දෙමළෙන් තමන්ගේ මවු බසින් ලබපු අය හිටිය කියන එක. මේ අයට මේ තීරණය හරහා දුෂ්කරතාවයක් මතු වෙනවා. ඒ නිසා මේ තීන්දුව කල් දමන්න කියලා සරලව කියනවා. නම් තීන්දුව හොඳයි. හැබැයි දැන්ම කරන්න එපා කියලයි කියන්නේ. ඒක වැරදියි. මේක පහු වෙලා හරි නොකළ යුතු දෙයක්. මේක වැරදි තීන්දුවක්.

අපේ රටේ සාතිශය බහුතරයක් ජනතාව, අපේ දරුවන් ඉගෙන ගන්නේ මවුබසින්. සිංහල දමිල දමිල බසින්. 5% අඩු ගණනක් ළමයි ඉංග්‍රීසි භාෂාවෙන් පාසල් අධ්‍යාපනය ලබන්නේ. ඒ නිසා නීති විභාග සියල්ල ඉංග්‍රීසි මාධ්‍යන් පමණක් පැවැත්වීමෙන් මවුබසින් අධ්‍යාපනය ලැබූ දරුවන්ට අසාධාරණයක් සිදුවෙනවා.”

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ නීති විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වීමට තීරණය කිරීම නිසා නීති සිසුන් දැඩි අපහසුතාවයකට පත් වී ඇති මොහොතක ය.

ශ්ව විද්‍යාව විද්‍යාල නිති ශිෂ්‍යයන් තම ප්‍රශංසාව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතාට සමාජවාදී තුළ දක්වා ඇති බව අපට වාර්තා වනවා.

කෙසේ නමුත් නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති වලට ප්‍රතිපත්තිවලට එම සිසුන් හා සමාජයේ දැඩි විරෝධතාවක් මතුව ඇති බව ද සමාජ මාධ්‍ය තුළින් තුලින් අපට දක්නට ලැබුණා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions