Home » කඳුකර දිවියාගේ කෑලි කැපූ මිනිස්සු

කඳුකර දිවියාගේ කෑලි කැපූ මිනිස්සු

by Plus One

බගවන්තලාව පොලිස් වසමට අයත් බගවන්තලාව වත්තේ ශ්‍රී පාද ස්වාභාවික රක්ෂිතකයට මායින්ව අබිරහස් ලෙස මියගොස් සිටි හොඳින් වැඩුණු කඳුකර කොටියෙකුගේ සිරුරක් ඊයේ (දෙසැ. 1) දින හමු වූ බව බගවන්තලාව පොලිසිය පවසයි.

බගවන්තලාව පොලිසිය සඳහන් කළේ, ස්වභාවික රක්ෂිතයට මායින්ව මියගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් ඇති බවට එම වතුයායේ වතු කම්කරුවන් විසින් ලබා දෙන ලද තොරතුරක් මත අබිරහස් ලෙස මිය ගිය සිටි කඳුකර කොටියාගේ සිරුර හමු වූ බව ය.

කෙසේ වෙතත් මියගොස් සිටි කොටියාගේ පාද හතර, සම සහ කොටියාගේ දත් කිසියම් පිරිසක් ගලවා ගෙන ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය පැවසීය.

දඩයම්කරුවන් විසින් සතුන් දඩයම් කිරීම සඳහා තේ වත්තේ අටවන ලද මද්දකට කඳුකර කොටියා හසු වී මිය යාමෙන් පසු කොටියාගේ සිරුර ඔවුන් විසින් ම ගෙනැවිත් දමනු ලැබ ඇති බවට පොලිසිය සැක පළ කරයි.

අබිරහස් ලෙස මියගිය කඳුකර කොටියාගේ සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස නල්ලතන්නිය වන ජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දුන් බව බගවන්තලාව පොලිසිය ප්‍රකාශ කළේ ය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions