Home » උසස් පෙළ විභාගය නිසා ජනවාරි වල විදුලි බිල වැඩි කරන්න දෙන්න බෑ – සුසිල් ප්‍රේමජයන්ත්

උසස් පෙළ විභාගය නිසා ජනවාරි වල විදුලි බිල වැඩි කරන්න දෙන්න බෑ – සුසිල් ප්‍රේමජයන්ත්

by Plus One

උසස් පෙළ විභාගය ජනවාරි මාසයේ පැවැත්වෙන බැවින් විදුලි බිල 2023 ජනවාරි මාසයේදී වැඩි කිරීමට අවස්ථාව ලබාදිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

විපක්ෂ නායකවරයා අද (01) යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජනවාරි 23 වනදා සිට පෙබරවාරි මැදවන තෙක් උසස් පෙළ විභාගය පැවැත්වෙන බවත් එම කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීමට හෝ විදුලි බිල වැඩි කළ නොහැකි බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය හා විදුලි බල අමාත්‍යංශය දැනුවත් කිරීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වැඩිදුරටත් සඳහන් කළේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions