Home » FIFA : පළමු තරඟයේ ජය ඉක්වදෝරයට

FIFA : පළමු තරඟයේ ජය ඉක්වදෝරයට

by Plus One

පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් සත්කාරක කටාරය පරදා ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට ඉක්වදෝරය සමත් වුණා.

දෙරට අතර තරඟය ආරම්භ වී තුන්වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට ඉක්වදෝර ක්‍රීඩක Enner Valencia සමත්වූ අතර පසුව පුනරූපන මගින් එය නිවැරදිව ලබා නොගත් ගෝලයක් බව විනිසුරුවන් තීරණය කළා. පසුව යළිත් 16 වන මිනිත්තුවේදී ඉක්වදෝරයට දඩුවම් පහරක් හිමිවූ අතර එම දඬුවම් පහර එල්ල කිරීම සඳහා පැමිණි ඉක්වදෝර ක්‍රීඩක Enner Valencia විසින් පන්දුව දැල වෙත එල්ල කරමින් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුණා.

පසුව යළිත් 31 වන මිනිත්තුවේදී Enner Valencia විසින් ගෝලයක් වාර්තා කිරීමත් සමඟ පළමු අර්ධය නිමා වන විට ගෝල 2-0 ක් ලෙස ඉක්වදෝරය ඉදිරියෙන් පසු වුණා.

දෙවැනි අර්ධයේදී ද කටාර් ක්‍රීඩකයින්ට සාර්ථකවීමට අවස්ථාවක් නොලැබුණු අතර පළමු තරඟය ගෝල 2-0 ක් ලෙස ඉක්වදෝරය ජය ගත්තා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions