Home » පොහොට්ටුව නාවලපිටියේදී එක්ව නැගිටියි ද?

පොහොට්ටුව නාවලපිටියේදී එක්ව නැගිටියි ද?

by Nipuna Fernando

‘එක්ව නැගිටිමු’ මැයෙන් සංවිධානය කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැලි මාලාවේ දෙවැන්න අද(16) නාවලපිටියේදී ආරම්භ වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සම්බන්ධීකරණයෙන් එය ආරම්භ වූයේ නාවලපිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රැස්වීම් ශාලාවේ දී වන් අතර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, නාමල් රාජපක්ෂ, ඉන්දික අනුරුද්ධ, සාගර කාරියවසම්, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියි. මේ සඳහා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල දේශපාලන නායකයින් රැසක් ද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ. ‘එක්ව නැගිටිමු’ තේමාව යටතේ සංවිධානය වූ පොදුජන පෙරමුණේ මංගල ජන හමුව පසුගියදා කළුතර දිස්ත්‍රික්කය මුල්කර ගෙන පැවැත් වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ සම්බන්ධීකරණයෙන් සිදු වූ මෙම අවස්ථාව සඳහා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද එක්විය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions