Home » ඉදිරි කාලය පරිස්සමින්!

ඉදිරි කාලය පරිස්සමින්!

by Nipuna Fernando

අද රාත්‍රි 7.30න් ආරම්භ වූ ඉදිරි පැය 24ක කාලය තුල දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ඇතැම් ස්ථාන වලට මි.මී. 150 ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions