Home » බස් රථයක් ගිනි ගෙන 11ක් මරුට!

බස් රථයක් ගිනි ගෙන 11ක් මරුට!

by Nipuna Fernando

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

අද (ඔක්.8) අලුයම මෙම බස් රථය, ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක ගැටී ගිනි ගැනීමට ලක්ව ඇති අතර එහි සිටි පුද්ගලයින් 25 දෙනෙකුට අධික සංඛ්‍යාවක් පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර ඇත.ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, නාෂික් නගරයේ අද අලුයම 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි. තුවාල ලැබූ 25 දෙනා අතරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව අදාළ වාර්තාවල දැක්වේ. මිය ගිය පිරිස අතර දරුවෙකු ද සිටින බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions