Home » කුණුහරුප සුසිල්ට එරෙහිව රෝහිණිගෙන් පැමිණිල්ලක්

කුණුහරුප සුසිල්ට එරෙහිව රෝහිණිගෙන් පැමිණිල්ලක්

by Nirodha Gamage

කුණුහරුප සුසිල්ට එරෙහිව රෝහිණිගෙන් පැමිණිල්ලක්

පාර්ලිමේන්තු කටයුතු අතරතුර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.

ඇය පෙන්වා දෙන්නේ අදාළ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය විවිධ මාධ්‍ය ඔස්සේ විකාශය වීමෙන් මවක් සහ කාන්තාවක් ලෙස ඇයගේ පොදු ප්‍රතිරූපයට බලපා ඇති බවයි.

මෙවැනි සිදුවීම් හේතුවෙන් පාර්ලිමේන්තුව සහ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ජනතාවගේ ආකල්ප කෙසේ වනු ඇත්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න කථානායකවරයාගේ අවධානයට යොමු කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ මෙම ගැටලුව කථානායකවරයා විසින් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කර නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions