Home » 22 සහ අන්දරේ න්‍යාය….

22 සහ අන්දරේ න්‍යාය….

by Nipuna Fernando

18/19/20/21 යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සතර සඳහා සිය සහයෝගය ලබා දුන් මන්ත්‍රීලා 23ක් පාර්ලිමේන්තු තුළ සිටින බවට වාර්තා වන අතර මෙම සිදුවීම ගැන සිතන විට අපූර්ව අතීත ජන කතාවක් සිහියට නැගේ…

එනම්, 

දවසක් රජතුමා අන්දරේත් එක්ක ගමනක් යනවා…
මෙහෙම යනකොට රජතුමා දකිනවා හොද සරුවට වැඩුණු වම්බටු වගාවක්… රජතුමා මේකේ තියෙන හොද වම්බටු ගෙඩියක් පෙන්නලා…
” අන්දරේ නියම කෑමක් නේද” කියලා අහනවා…
එතකොටම අන්දරේ ” එහෙමයි රජතුමණි… මේක නියම කෑමක්… හොද රාජ බෝජනයක් නොවෑ…” කියලා කියනවා…
ඊට සතියකට විතර පස්සේ ආපහු දවසක රජතුමා අන්දරේත් එක්ක සුපුරුදු විදියටම අර පාරෙන්ම ගමනක් යනවා… එදත් සරුවට වැඩුණු වම්බටු වගාව ලගදී මෙහෙම කියනවා…
” මහා ජරා කෑමක් නේද අන්දරේ වම්බටු කියන්නේ…?”
එතකොටම අන්දරේ…
” එහෙමයි රජතුමනි… මහ ජරා කෑමක්… කන්න වටින්නේ නෑ ඔය බලු ජරාව” කියලා කියනවා…
” මොනවා බොල… දැන් සතියකට ඉස්සෙල්ලා උබ කිව්වා නේද මේක හොද රාජ බෝජනයක් කියලා… දැන් කොහොමද කියන්නේ මේක බලු ජරාවක් කියලා…”
” එහෙමයි රජතුමනි… මම සේවය කරන්නේ ඔබතුමාට මිස වම්බටු වලට නෙවෙයිනේ…” කියලා
ඇගට නොදැනිම අන්දරේත් කියලා දැම්මා…

ඒ නිසා සබුද්ධික ජනතාවට මෙවර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අත් උස්සන මන්ත්‍රීන්ලා දෙස බලා හූල්ලනවා වෙනුවට එදත් අදත් රජා රජාමයි, එදා අන්දරේ මෙදා අන්දරේලා කවුරුන්දැයි අද (21) චන්ද විමසීම තුළින් බලාගත හැකි වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions