ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික ප්රතිසංස්කරණයක් නොව 2050ට මුහුණ දිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්‍රමවේදයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.
යල් පැනගිය ආර්ථික ක්‍රම මඟින් මෙරට ආර්ථිකය ගොඩගැනීමට නොහැකි බවත් ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් අවශ්‍ය වන්නේ විදේශ විනිමය උපයා ගැනීම බවයි ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වූ 2022 ආර්ථික සමුළුවට අමතමින් ජනපති සඳහන් කළේ. රට ගොඩගත හැකි නව ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වාදීමට මේ වන විටත් පියවර ගෙන තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
කෙසේ වෙතත් අවුරුදු 45 හතළිස් පහකට අධික කාලයක් පාර්ලිමේන්තුවේ අතිශය ඉහළ තනතුරු දරමින් සිටි සය වතාවක් අග්‍රාමාත්‍ය වූ රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික සංවර්ධනය කර නොමැති බව සමාජ මාධ්‍ය වල හුවමාරුවේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,