Home » 2030 වන විට සංචාරකයන් මිලියන 4ක් ගේනවා – හරීන්ගෙන් අලුත් ඔට්ටුවක්

2030 වන විට සංචාරකයන් මිලියන 4ක් ගේනවා – හරීන්ගෙන් අලුත් ඔට්ටුවක්

by Plus One

ඉකුත් වසරට (2023) සාපේක්ෂව මේ වසරේදී සංචාරකයන්ගේ පැමිණීම සියයට 106කින් වර්ධනයවී ඇති බවත්, ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදී සංචාරකයන් 102,000 ක් මෙරටට පැමිණියද, ජනවාරි මාසයේදී ඊයේ (31 වැනිදා) දිනය වන විටදී සංචාරකයන් 201,683 දෙනකු මෙරටට පැමිණ ඇති බව “ස්ථාවර රටකට සැවොම එක මඟකට“ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී සංචාරක හා ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

මෙරට තරු පන්තියේ හෝටල් කාමර 15,000 ක්ද, අනෙකුත් හෝටල් කාමර 40,000 ක්ද පවතින බවත්, 2030 වන විටදී මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන හතරක් දක්වා ඉහළ දැමීමට සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට බලාපොරොත්තු වන බවත්, මෙරට පවතින සංචාරක කලාප 49 ඉදිරියේදී 64 ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත්, ලංකාව ඇතුළත ගුවන් සේවා දෙකක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

තවද කටුනායක, මත්තල සහ රත්මලාන යන ගුවන් තොටුපොළවල් ඉන්දියාවේ සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇති අතර, මෙම ගුවන් තොටුපොළවල පර්යන්ත නවීන තාක්ෂණය අනුව දියුණු කිරීමටද කටයුතු යොදා ඇතැයිද සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions