Home » 13නම් බෑ, සපෝර්ට් කරනවානම් රට හදන සහය විතරයි. දකුණේ ජන්ද රැකගන්න අනුර ෆලොව් කරන රාජපක්ෂ තියරිය

13නම් බෑ, සපෝර්ට් කරනවානම් රට හදන සහය විතරයි. දකුණේ ජන්ද රැකගන්න අනුර ෆලොව් කරන රාජපක්ෂ තියරිය

by Plus One

අපි උතුරේ ජනතාවට ආරාධනා කළ යුත්තේ 13 දෙන්නම් කියලා නොවෙයි, ෆෙඩරල් දෙන්නම් කියලා නොවෙයි. මේ ව්‍යසනයෙන් මිදීම සඳහා අපි එකතු වී සටන් කරමු කියලයි.”

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් දැක්වූයේ පසුගිය 27වන දින මාතර පැවති අදිටන ත්‍රිවිධ හමුදා සාමුහිකයේ සමුළුව අමතමින් ය.

ඉදිරි ජනාධිපතිවරණයේදී උතුරේ ජනතාවගේ සහය ලබා ගැනීමට ආරාධනා කළ යුත්තේ බලය බෙදන විසඳුම් ගැන කියා නොව එකට එක්වී සටන් කර පවතින ව්‍යසනයෙන් මිදීමට බව අනුර ත්‍රිවිධ හමුදා නිලධාරින්ට ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය පාලකයන් ජාතික ඒකාග්‍රාතාවක් ඇති කර ජාතිය එකට නැගී සිටවන ඉතිහාසයක් ලියන විට මෙරට ජනයාට ගැටුම්කාරී ඉතිහාසයක් ගැන ලියන්නට සිදුව ඇති බව ද ඔහු සඳහන් කළේය.

“පුරවැසි පනත ගෙනත් කඳුකරයේ ජනතාව රටක් නැති තත්වයට පත් කළාම දෙමළ රාජ්‍ය පක්ෂය නිර්මාණය කරන්න චෙල්වනායගම් මහත්තයා ඉදිරිපත් වුණා. 1956 සිට භාෂා ප්‍රශ්නයක් ඇද ගැනීමෙන් 58 වෙනකොට සිංහල, දෙමළ කෝළාහලයක් ආවා. ශ්‍රී අකුරේ කළුතෙල් ගාන්න පටන් ගත්තා. 1970 මැද වෙනකොට උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ වෙනවා. 2009 යුද්ධය ඉවර කළත් 2019 පාස්කු ප්‍රහාරය එල්ල කරනවා. අපේ පාලකයෝ නිර්මාණය කළේ ගැටුම් ඉතිහාසයක් වුණත් ඉන්දියාවේ පාලකයෝ නිර්මාණය කළේ ඒකාග්‍රතාවයක්. ජාතිය එකට නැගී සිටවන ඉතිහාසයක් ඔවුන් ලියන කොට, ගැටුම්කාරී ඉතිහාසයක් අපිට ලියන්න සිදුවී තිබෙනවා.”

ලෝකයේ රාජ්‍යයන් විසිවැනි සියවසේ දැවැන්ත දියුණුවක් කරා යන අතර, මෙරට සියවස අත්හැර දැමු බව පෙන්වා දෙන අනුර කුමාර දිසානායක ලෝකයේ ඇතිවී තිබෙන නූතනත්වයට ගැලපෙන ශ්‍රී ලංකාවක් ගොඩනැඟිය යුතු යැයි අවදාරණය කළේය.

ඒ සඳහා හුදු ආණ්ඩු මාරුවක් වෙනුවට නව පරිවර්තනීය යුගයකට රට ගෙනයන නව පාලනයක් මෙන්ම ඒ වෙනුවෙන් ජාතිය යළි අවදි කර ජාතිය ඒකාබද්ධතාවයකට යා යුතු බවයි ඔහු යෝජනා කරන්නේ.

නව පුනරුද යුගයකට බලයේ සුක්කානම ජන බලවේගය අතට ගත යුතු බවත් ඉන් පසුව ආරම්භ වන්නේ ප්‍රශ්න විසඳීම මිස අවසානය නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් අවධාරණය කළේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions