Home » හේමා ප්‍රේමදාස නිළ නිවස භාරදෙයි

හේමා ප්‍රේමදාස නිළ නිවස භාරදෙයි

by Nirodha Gamage

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රමදාසගේ බිරිඳ හා වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ මව වන හේමා ප්‍රේමදාස සිය නිළ නිවස භාරදෙන බව ප්‍රකාශ කර තිබේ.

ඒ කිසිඳු දේශපාලන හේතුවක් නිසා නොවන බවත් තමන්ට ලැබුණු නිළ නිවස භාවිතා නොකළ බවත් තමන් වාසය කරන්නේ තම පෞද්ගලික නිවසක බවත් ඇය ප්‍රකාශ කර තිබේ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටින්නේ තම මව කිසි ලෙසකින් රජයේ දේපළ අවභාවිතා කර නොමැති බවත් තම පියා සිදු කළ රාජකාරිය වෙනුවෙන් තම මවට හිමිවන විශ්‍රාම වැටුප පිළිබඳව තමන් සතුටට පත්වන බවත්ය. ඇයට එම විශ්‍රාම වැටුප හා ආරක්ෂාව හිමිවිය යුතු බවත් තම මව නිළ නිවස භාරදීමට තීරණය කර ඇත්තේ ඇය විසින්ම ගත් ස්වාදීන තීරණයකට අනුව බවත් ඔහු කියා සිටි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions