Home » හිමාලයේ බරපතළ භූ කම්පනයක් ඇතිවෙනවා – ඉන්දියන් ගුවන් විදුලිය නිවේදනය කරයි

හිමාලයේ බරපතළ භූ කම්පනයක් ඇතිවෙනවා – ඉන්දියන් ගුවන් විදුලිය නිවේදනය කරයි

by Nirodha Gamage

හිමාලය අඩවියේ අතිශයින් බරපතළ භූචලනයක් සිදුවන බව හිමාල භූචලන නිරීක්ෂණ ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ අජේ පෝල් අනතුරු අඟවා ඇත.මේ අනතුරු ඇඟවීම සමස්ත ඉන්දීය ගුවන් විදුලිය විටින් විට ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඉන්දීය භූ තලය යුරෝ ඒෂියන් භූතලය සමග ගැටීමෙන් මෙම තත්ත්වය ඇතිවන බවත් එම භූ තලයන් දෙක හිමාල අඩවිය යට ඇති බව ද හෙතෙම කීවේය.

මෙම විනාශකාරී භූචලනය සිදුවන්නේ හිමාලයේ ගෞතම් කවුනන් කලාපයේ බව ද අජේ පෝල් තවදුරටත් හෙළි කර ඇත. 2021 පෙබරවාරි 7 දා මෙම කලාපයේ හිම සහ ගල් විශාල වරුසාවක් ඇතිවීම භූචලනයේ පූර්ව සිදුවීම බවත් ඉන් 206 කට අධික පිරිසක් මියගිය බවත් ඔහු අනාවරණය කරනවා.

මේ අතර ලබන සතිය තුළ ඉන්දියාවේ විශාල භූ කම්පනයක් සිදුවන බවට විවිධ අනාවැකි පසුගිය සතිය පුරාම මාධ්‍ය මගින් ප්‍රචාරය වූ අතර ශ්‍රී ලංකාවේ භූ විද්‍යාඥයින් මෙම තත්ත්වය කොළඹට ද බලපෑ හැකි බවට මේ වන විටත් අනතුරු අඟවා තිබෙනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions