Home » හිටපු ජනපති ගෝඨාභය විසින් දුමින්ද සිල්වාට ලබාදුන් පොදු සමාව බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්! හිරුණිකා ගෝඨාව මට්ටු කලා ද?

හිටපු ජනපති ගෝඨාභය විසින් දුමින්ද සිල්වාට ලබාදුන් පොදු සමාව බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්! හිරුණිකා ගෝඨාව මට්ටු කලා ද?

by Plus One

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් පොදු සමාව නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද (17) ඒකමතිකව තීරණය කර තිබේ.

ඒ, ජනාධිපතිවරයා ලබා දුන් පොදු සමාවට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇගේ මව සහ නීතිඥ ගසාලි හුසේන් යන තිදෙනා විසින් ගොනු කරනු ලැබූ මුලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබා දෙමිනි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට අදාළව මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 05 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබුණි.

පසුව එම විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මහාධිකරණ තීන්දුව නැවත තහවුරු කර තිබුණි.

ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ පසු ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විත්තිකරුවන් 05 දෙනා අතර සිටි දුමින්ද සිල්වා මහතාට පමණක් ජනාධිපති පොදු සමාව ලබා දීමට කටයුතු කළේ ය.

ඉන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් ඉදිරිපත් වුණේ එම ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමිනි.

ප්‍රිති පද්මන් සුරසේන, ගාමිණි අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය අද සිදු කළ අතර විනිසුරුවරුන්ගේ ඒකමතික තීරණය වී තිබුණේ දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබා දීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූල නොවන බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions