Home » සීමා නිර්ණය වාර්තාව මාර්තු 31 – කුලය මත බෙදා නෑ – මහින්ද දේශප්‍රිය

සීමා නිර්ණය වාර්තාව මාර්තු 31 – කුලය මත බෙදා නෑ – මහින්ද දේශප්‍රිය

by Nirodha Gamage

පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීම සඳහා පත්කළ ජාතික සීමා නිර්ණය කමිටුව විසින් සකස් කරන ලද අතුරු වාර්තාවක් ලබන අඟහරුවාදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාරදෙන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

දිස්ත්‍රික් මට්ටමින් තම කමිටුවට ලැබුණු යෝජනා මෙන්ම විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ කමිටුව විසින්ම ඉදිරිපත් කර ඇති යෝජනා සමාලෝචනය කිරීමෙන් පසු දිස්ත්‍රික් මට්ටමේ සීමා නිර්ණය කිරීමේ කටයුතු සිතියම්ගත කිරීම ද ආරම්භ කර ඇති බව ඔහු පවසයි.

දිස්ත්‍රික්කවල සංචාරය කරමින් වාර්තාවට අවශ්‍ය අවසන් යෝජනා ලබාගෙන ඇති බවද දේශප්‍රිය මහතා පවසයි.

මේ අතර කුලය මත පදනම්ව පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීම නොකරන බව ද මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.

මාර්තු 31 වැනිදා පමණ තම අවසන් වාර්තාව භාරදීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions