Home » සිරිසේන දයාසිරි පන්නයි : නිදහස් පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලක්

සිරිසේන දයාසිරි පන්නයි : නිදහස් පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලක්

by Nirodha Gamage

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස සරත් ඒකනායක ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කිරීම ආන්දෝලනයකට තුඩු දී ඇති අතර, සිරිසේන සහ පක්‍ෂය අතර ගැටුමක් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සරත් ඒකනායක ශ්‍රීලනිප වැඩබලන මහලේකම්වරයා ලෙස සිරිසේන විසින් ඊයේ (6) පත් කරනු ලැබීය.
දයාසිරි ජයසේකර තමන්ට හිතවත් අය පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත්කිරීමට සැලසුම් කර ඇතැයි කියන සැලසුමක් ගැන දැනගත් මෛත්‍රිපාල සිරිසේන වැඩබලන මහලේකම්වරයා ලෙස සරත් ඒකනායක පත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තා විය.

කෙසේ වෙතත්, ඊයේ මාධ්‍ය විසින් ශ්‍රීලනිපය තුළ ගැටුමක් ඇති බවට පළවන එවැනි වාර්තා සම්බන්ධයෙන් සිරිසේනගෙන් විමසූ විට සිරිසේන මෙසේ පැවසීය: “කවුද කියන්නේ ගැටුමක් තියෙනවා කියලා? එහෙම දෙයක් නැහැ. ඊයේ, අද, හෙටත් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකරයි.සරත් ඒකනායක වැඩබලන මහලේකම්වරයා ලෙස පත් කළේ දයාසිරි ජයසේකර මෙරටට පැමිණෙන තෙක් පමණයි.”

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ දයාසිරි ජයසේකර මේ වනවිට විදේශගතව සිටින බැවින් එම තනතුරට සරත් ඒකනායක පත්කර ඇති බවයි. වැඩබලන පත්කිරීම් පක්‍ෂයට ලබාදීම සාමාන්‍ය සිරිත බවද ඔහු පැවසීය. කෙසේ වෙතත්, ශ්‍රීලනිපයට සමීප මූලාශ්‍ර කියා සිටියේ එවැනි පත්කිරීමක් සිදුකිරීම අරුමයක් බවයි.

මේ අතර ශ්‍රීලනිපය ඊයේ සවස මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබූ අතර එහි මෙසේ සඳහන් විය :

“දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහලේකම් ධූරයෙන් ඉවත් කර ඒ වෙනුවට සරත් ඒකනායක පත් කර ඇති බවට ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල පළ වූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත වන අතර ශ්‍රීලනිපය එවැනි වාර්තා සියල්ල ප්‍රතික්ෂේප කරයි. දයාසිරි ජයසේකර පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ පෙරවරුවේ එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය අතර, ඔහු මාර්තු 20 වැනිදා නැවත පැමිණීමට නියමිතය. සරත් ඒකනායක පක්‍ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ ජයසේකර ආපසු එනතුරු ඔහුගේ වැඩකටයුතු අධීක්‍ෂණය කිරීමට පමණි.”

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions