Home » සනත් නිශාන්ත ඔබට සුභ ගමන්

සනත් නිශාන්ත ඔබට සුභ ගමන්

by Plus One

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අද උදේ රිය අනතුරකින් අභාවප්‍රාප්ත වුනා.සනත් නිශාත්ත කියන්නේ නිරන්තරයෙන්ම රටේ රාළ බළකායේ විවේචනයට ලක්වුන දේශපාලන චරිතයක්.දැන් සනත් නිශාන්තගේ සියලුම චැප්ටර් close.

අද සමාජ මාධ්‍යවල හැසිරීම දිහා බැලුවොත් සනත්ගේ මරණය සම්බන්ධව සතුටු වෙන අය වැඩියි.පොදු සමාජයෙන් ඇහෙන්නේ සනත්ට කළකම් පලදුන්නා වගේ කතා.ස්වභාව ධර්මයෙන් සනත්ට දඩුවම් දුන්නා කියන කතාව තමයි හතර වටෙන් එන්නේ.

රටේ රාළ නං ඒක පිලිගන්නේ නෑ.මේක අපරීක්ෂාකාරීත්වය හින්දා වෙච්චි රිය අනතුරකින් සිද්ධ උන මරණයක්.ඒක කොහේවත් යන දෙවියෙකුට හරි අදෘශ්‍යමාන බලවේගයකට බාර දෙන්න බෑ.ඔය කියන හොඳ මිනිහටයි,නරක මිනිහටයි දෙන්නටම අපරීක්ෂාකාරීත්වය කියන එක අදාලා.

අපරීක්ෂාකාරීත්වය අතට අහුවෙන දෙයක් නෙවෙයි.ඒ අතින් නං අපරික්ෂාරීවය කියන්නේ අදෘශ්‍යමාන බලවේගයක් තමයි.එතකොට කවුරු හරි කියයි කර්මය හරි,වෙනත් බලවේගයක් හරි නැත්තං අඩුම ගානේ දෙවියෝ හරි කෝප වෙලා කියා.ඒ දෙවියා හරි භූතයා හරි තමයි බේරේක් එකට කකුල තියහ්න දීලා නත්තේ කියලා.

නැත්තං ඉස්සරහා තියන කන්ටේනරේ පෙන්නුවේ නැත්තේ දිෂ්ඨියකින් කියලා කියයි.අපේ රටේ මිනිස්සුන්ට ලෝකේ තියන සුපිරිම තාක්ෂණය යොදලා හදපු වාහනය ගෙනත් දුන්නත් ඒක එලවන තමනුයි,ඒ තාක්ෂණයයි ගැන විශ්වාස නෑ. වාහනේ දෙහි ගෙඩියයි,මිරිස් කරල් තුනයි එල්ලා කොහෙවත් නැති දෙවියෙකුට බාර දෙනවා.

සනත් නිශාන්ත රිය අනතුරකින් මියගිය බවට පල කරලා තිබුන පෝස්ට් එකකට කමෙන්ට්ස් සිය ගණනක් දාලා තිබුණා.ඒ කමෙන්ට්ස් අතරින් පතර කීපයක් තිබුණා ” නිවන් සුව ලැබේවා ” කියලා.ඒ වගේම ” මොක් සුව ලැබේවා “, කියලා දාපු කීපයක් තිබුණා.හැබැයි අනිත් සියල්ල තිබුණේ good news,ඊළඟට මහින්ද,දවස ආරම්භය සුභයි.සුභ ආරංචියක් වගේ කමෙන්ට්ස්.

පාරේ බල්ලෙක් මැරිලා හිටියත් අනේ අපොයි කියපු අපේ රටට මිනිස්සුන්ට මොකද්ද මේ වෙලා තියෙන්නේ.ඇත්තටම රටේ රාළ නං සනත් නිශාන්ත මියගිය  ආරංචියෙන් shock වුනා.හැබැයි ඊට වැඩිය කම්පනයක් අපේ සමාජය ගැන ඇතිවුනා. ඇත්තටම කොහේටද මේ රට මේ අරන් යමින් තියෙන්නේ.

සනත් නිශාන්ත කළේ පොහොට්ටුවේ දේශපාලනය.ඒක අපි අනුමත කරන්නේ නෑ.හරි අපි හිතමු ඒ දේශපාලනය නරකයි කියලා.එතකොට කවුද මේ රටේ හරි දේශපාලනය කරන්නේ?සජිත්ද?අනුරද?රනිල්ද?ඊටත් අමතරව හොඳ දේශපාලනයක් කරන එක්කෙනෙක් ඉන්නවා නම් කියන්න.එක්කෙනෙකුට හොඳ එක අනිත් කෙනාට නරකයි.හැම කෙනාටම දුෂණ චෝදනා.

රටේ රාළ කියන්නෙ මෙච්චරයි.දැන් මේ කියන නරක සනත් නිශාන්තට වැඩිය මේ සමාජය නරක් වෙලානේ.නත්තං කොහොමද අරහෙම පෝස් දාන්නේ.මේ කියන්නේ අප්පච්චි නැතිව අනාථ උන සනත් නිශාන්තගේ දරු පැටව් හතර දෙනාට එහෙම වෙච්චි එක හොඳයි කියලා නේද?සෑමියා අහිමි උන සනත්ගේ බිරිදට එහෙම වෙන්න ඕනි කීයලා නෙවෙයිද?

සනත් නිශාන්තගේ බිරිඳ සහ දරුවන් අපේ රටේ මිනිස්සු නෙවෙයිද?එයාලා පිට සක්වල ජීවීන්ද?ඇත්තටම මේ සමාජයේ දේශපාලන වෛරයට මේ තරමට හැදුවේ කවුද?අපේ රටේ වෛරී දේශපාලනය අද වපුරන්නේ පැහැදිලිවම මාලිමාවෙන්. දේශපාලන වශයෙන් මොන විවේචන තිබුණත්.එජාපය.සජබ. ශ්‍රිලනිපය…… ඇතුළු අනෙක් පක්ෂ එහෙම කරන්නේ නෑ.

රටේ රාළ අහන්නේ අද මේ සමාජ මාධ්‍යවල හැසිරීම හදවතක් තියන කෙනෙකුට අනුමත කරන්න පුළුවන්ද?තමන් කරන දේශපාලනය ප්‍රතිපත්තිමය දේශපාලනයක් නෙවෙයි නං කරන්න තියෙන්නේ වෛරය වපුරන දේශපාලන තමයි.රාජපක්ෂලා කලෙත් ඔයිට සමාන දේශපාලනයක්.ඒ දේශපාලනයේ ගොදුරක් බවට අද සනත් නිශාන්ත පත්වෙලා.

තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියා මැරෙනවා බලා ඉදලා සතුටුවෙන සහ ඒකට දාන්න පුළුවන් සියලු ආලවට්ටම් දාලා සතුට ප්‍රකාශ කරන තැනකට සමාජය පත්වෙලා.ඒ විතරක් නෙවෙයි තමන් බලයට පත්වුනාට පස්සේ තමන්ගේ ප්‍රතිවාදීන් මරන්න ලිස්ට් හදාගෙන ඉන්න තැන දක්වා මේ දේශපාලන වෛරය දරදිඟ ගිහින්.

අද මේ රට දේශපාලන වෛරයේ තිංපොලක් කරලා ඉවරයි.සනත් නිශාන්ත මියගිහින් තියන මේ මොහොතේ සනත් සතුව මොනා හරි හොඳක් තිබණා නම් ඒක කියන එකත් රටේ රාළගේ වගකීමක්. සනත් හරි හෝ වැරදි සනත් තමන් නියෝජනය කරපු කදවුර වෙනුවෙන් පෙරමුණේ ඉඳන් සටන් කළා.කාට හොඳ උනත් නරක් උනත් සනත් ආදරණීය සැමියෙක් සහ තාත්තා කෙනෙක්.

දාමුලාට සාපේක්ෂව සනත්ලා මොන මැරයෝද?1997 ඌව පලාත් සභා මැතිවරණයේදී දාමුලා කරපු තරම් දේශපාලන මැරකම් සනත්ලා කරලා නෑ. එදා ජවිපෙ සාමාජිකයෙක් විදිහට දාමූ දසනායකගේ මැරයන්ගෙන් බඩ කට පුරා රටේ රාළලත් කෑවා.සනත් නිශාන්ත ගැන විවිධ විග්‍රහයන් ඔයාලටත් ඇති.හැබැයි දැන් සනත් ආය එන්නේ නෑ.මේ ගදගහන,පල්වුන සමාජයේ කිසිම වරදක් නොකරපු කෙනෙක් ඉන්නවා නම් මියගීය සනත්ගේ මිනියට ගල් ගහන්න.

අපේ රටේ සටන් ඉතිහාසයේ තමන් එක්ක සටන් කරන හතුරා අතින් කඩුව විසි උනොත් එයා ආයෙත් කඩුව ගන්නකං හිටියා.එහෙව් රටේ මළ මිනියකටත් අපහාස කරන දේශපාලනයක් ඇත්තටම හිරිකිතය.

පහුගිය දවස් කියන්නේ අපේ රටේ දේශපාලනඥයින්ට හරිම අපල කාලයක්.ඝාතන වගේම හදිසි අනතුරු.හූ තැබීම් වගේ සද්ධි ගොඩයි.ඇත්තටම මේක මේ සමස්ථ රට වෙලාගෙන තියන අවිනිශ්චිතකමේ තවත් එක ලක්ෂණයක්.

ඒ අවිනිශ්චිතකම විසින් නිර්මාණය කරපු අපේක්ෂාහංගත්වය හින්දා ගොඩක් අයට තමන්ගේම චර්යා රටාවන් වෙනස් කරගන්න සිද්ධ වෙලා.ඒ තත්වයන් විසින් හදපූ චර්යාවන්ගේ ගොදුරු තමයි මේ.ඒත් ඒවා ගැන කිසිම සංයමයක් නැතිව වෛරය මුදා හරින්න තැනට  ලාංකීය සමාජය පත්වෙලා ඉවරයි.මීට ඉස්සෙල්ලා මේ සංයමය පවත්වාගෙන යන්න අපේ රටේ ආගමික සංස්ථාවට විශාල කාර්යභාරයක් කළා.

හැබැයි මේ සමාජ පිරිහීමේ ගොදුරක් බවට දැන් ආගමික සංසාථාවත් ගොදුරුවෙලා.ඇත්තටම ආගමත් තක්කඩි දේශපාලනයේ ගොදුරක් බවට පත්වෙලා. මේ තත්වයෙන් අපේ රට මුදා ගන්න මේ තියන දේශපාලනයට බෑ.ඒ වෙනුවෙන් පළල් සමාජ ව්‍යාපාරක මඟ පෙන්වීමක් මේ රටට අවශ්‍යයි.ඒ හරහා දරන සාමුහික උත්සාහයකින් මෙහා මේ සමාජය සුවපත් කරන්න බෑ.කොච්චර දුෂ්කර උනත් අපි ඒක කරන්න ඕනි.

” සනත් නිශාන්ත අපේ ප්‍රතිවාදී දේශපාලන මිත්‍රයා ඔබට සුභ ගමන් “

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions