Home » සජිත් සහ සජබ වෙනුවට විකල්පයක්…? – රටේ රාළ

සජිත් සහ සජබ වෙනුවට විකල්පයක්…? – රටේ රාළ

by Plus One

පහුගිය 30 වෙනිදා කොළඹ වටලන්න ආපු සජිත්ගේ තවත් අසාර්ථක උත්සාහයක් පසු බස්සන්න රනිල් සමත්වුනා.සජිත්ගේ මේ අසාර්ථක උත්සාහයෙන් සජබ සමාජිකයා ඇතුලේ යම් හෝ ධෛර්යයක් ඉතිරිවෙලා තිබුණා නං ඒකත් ලෙල්ලටම හිඳුනා.රටේ රාළ මේ කියන කතාව එතනට ආපු අපේ සියලු සජබ යාළුවෝ අනුමත කරනවා ඇති.

පළවෙනි එක තමයි සජිත් බලාපොරොත්තු උන සෙනඟ එතනට ආවේ නෑ.සජිත්ගේ ටාගට් එක උනේ අවම 15000 ක සෙනඟක් ගේන්න.හැබැයි ආවේ පන්දාහකට අඩු පිරිසක්.රටේ රාළගේ තක්සේරුව අනුව 3500/4000 ක් විතර එතන ඉන්න ඇත.සජිත් කියපු විදිහට පාරේ ඇවිඳින්න ආවේ 1500 කට අඩු පිරිසක්.

ගොඩක් අය හිටියේ විහාර මහ දේවී පාක් එක ඇතුලේ පොඩි පොඩි කණ්ඩායම් විදිහට.එයාලා ගෙවල්වලින් හදාගෙන ආපුවා කකා බිබී පොඩි ෆන් එකක් ගත්තා.විහාර මහ දේවී පාක් එකේ අයිස් ක්‍රීම් කරත්ත සීයකට වැඩිය තිබුණා. ඇත්තටම සජිත්ට සෙනඟ ගෙනාපු බස්වලට වැඩිය අයිස් ක්‍රීම් කරත්ත තිබුණා.

මේ උද්ඝෝෂණයේ ප්‍රධාන අඩුව උනේ ටාගට් එකක් නැතිකමයි.එන්න ඕනි  තැන කලින් දැනුවත් කරලා තිබූණේ නෑ. ගොඩක් අය බලාපොරොත්තු උනේ 29 වෙනිදා රෑ ගත්ත zoom එකේදී ඒක කියයි කියලා.ගොඩක් වෙලාවට පොලීසියෙන් එන බාධා නිසා ඒක නොකියා ඉන්න ඇති. කොහොම උනත් බස්වලින් එමින් හිටපු අයට තමයි දවල් 1.30 ට විහාර මහ දේවී එකට එන්න කියලා තිබුණේ.

ඇත්තටම ටාගට් එකක් තිබුණේ නැති හින්දා ආපු පිරිස එකට තියාගන්න බෑ. සංවිධාන වැඩේ පට්ට දියාරුයි.පදමට රත් වෙලා හිටපු සීයක් විතර තමයි ඇවිදින පිරිස අතරේ ඉදිරියට ඇවිත් පොලිසිය එක්ක හැපුනේ.එයාලට කඳුළු ගෑස් එකක් ගහගන්න උවමනාව තිබුණා.හැබැයි වැදුණු කඳුළු ගෑස් එක ගොඩක් සැරයි.

සමහරු මීඩියාවලට පේන්න වැටෙද්දී රංජිත් මද්දුම බණ්‌ඩාරට නං ඇත්තටම අමාරුවුනා.සජිතුත් අමාරුවෙන් තමයි දුවගත්තේ.දුවලා ඇවිත් සජිත් කළේ පට්ට දියාරු කතාවක්.සජිත්ටත් මේ අසාර්ථක බව තේරෙන්න ඕනි.ඒක නිසා සජිත් අවස්ථා කීපයකදීම කිව්වේ මේක ආරම්භයක් විතරයි කියලා.

ඒ කියන්නේ 30 වෙනිදා සජිත් කරලා තියෙන්නේ පළවෙනි වෙඩිමුරය පත්තු කරන එකයි.ඔය වගේ පළවෙනි වෙඩිමුර නං කීයක් සජිත් පත්තු කරන්න ඇද්ද?ඒ ඔක්කොම වගේම මේකත් පුස් වෙඩිල්ලක්.සජිත් කතාවේදී උද්ඝෝෂණයක් ගැන කිව්වේම නෑ.අපි පයින් ඇවිදගෙන ගියා කියලයි සජිත් කිව්වේ.

පයින් ඇවිදගෙන යන අපට කඳුළු ගෑස් ගැහුවා කියලා කිව්වා.ඇත්තටම කිසිම සටන්කාමී ගතියක් ගෑවිලාවත් තිබුණේ නෑ.කට්ටිය තමන්ගේ සමාජ ජාලාවලට දාගන්න පොටෝ ටික හෙම නං අපූරුවට ගහගත්තා.රටේ රාළ මෙතනදී එක අනාවැකියක් කියන්න කැමතියි.සජබය නං ආයෙත් තනියම කොළඹ වටලන්න එන්නේ නෑ.

ඒක නිසා මේ සජබය විසින් කරපු අසාර්ථක සහ අවසන් කොළඹ වැටලීම බව කරුණාවෙන් සලකන්න කියලා සජබ අපේ යාළුවන්ට කියන්න ඕනි.ජාතික ජන බලවේගයට සාපේක්ෂව දේශපාලන භූමියේ ආධිපත්‍යය අල්ලන්න සජිත් යොදන සහ තෝරන උපක්‍රම ගොඩක් ප්‍රාථමිකයි.ඇත්තටම සජිත් මේ වෙලාවේ ඉන්න ඕනි ආසන මට්ටමේ රැස්වීම් වටයක.

ජවිපෙ උද්ඝෝෂණ ආකෘතිය අතෑරලා රැස්වීම්වටයකට ගිහින් තියනවා.ඒක කාගේ ඉල්ලීමකට අනුව කළත් හොඳ උපක්‍රමයක්.සමහරවිට ඒක රනිල් අනුර එකඥතාවයකින් සිද්ධ උන දෙයක් වෙන්න පුළුවන්.මොකද කොළඹ අධි ආරක්ෂක කලාපයෙන් පිට උද්ඝෝෂණ කරන්නත්,ඒවට පහර නොදී ඉන්නත් රනිල් – අනුර  අතර එකඟතාවයක අභයන්තර තොරතුරු රටේ රාළට තියනවා.

අනුරලා අන්තිමට කරපු උද්ඝෝෂණ රැලියත් තිබ්බේ නුගේගොඩ.ඒත් අධි ආරක්ෂක කලාපයෙන් පිට.දැන් සජිත්ට
රැස්වීම් ආකෘති ඇතුලේ අනුර එක්ක තරඟයක් දෙන්න බෑ.රටේ රාළ එහෙම කියන්නේ පිරිස් බලය පැත්තෙන් හිතලා නෙවෙයි.මාලිමාවේ මේ යන රැස්වීම් ආකෘතිය ගැන හිතලා.ඊළඟට මේ වගේ අසංවිධානාත්මක වැඩ තේරීමේ වාසිය අනුරට යනවා වගේම රනිල්ටත් අමතර වාසියක් සිද්ධ වෙනවා.

සජිත්ට රැස්වීම් ආකෘතිය අනුරගේ ගානට උත්සන්න තවත් ලොකු ආයාසයක් යොදන්න ඕනි.මොකද තවමත් සජිත්ගේ ආසන්න සංවිධායකයෝ තනියෙම ආසන රැස්වීම් කරන්න එකඟ නෑ.ඒවගේ තත්වයක් ඇතුලේ සජිත්ලා තෝරන නැෂනල් ඉවෙන්ට් ප්‍රශස්ථ තැනක තියෙන්න ඕනි.ඇත්තෙන්ම ජාතික ජන බලවේගයේ ආසන ඉවෙන්ට් එකක තියන පෞරුෂයවත් සජිත්ගේ ජාතික ඉවෙන්ට් එකක නෑ.

ඒ අතින් අනුර යාපා – ලන්සලා ජා – ඇල තියපු රැස්වීමේ ඒ පෞරුෂය හොඳට තිබුණා.කොහොම උනත් මේ දුර්වල මානසිකත්වය විසින් සජබය ඇතුලේ සිද්ධ වෙන අභ්‍යන්තර කඩාවැටීම දවසින් දවස වැඩි වෙනවා.සජිත් සමගි සන්ධානය කියන එක ඉස්සරහාට දාගෙන ගෙම්බෝ එකතු කරන්න පටන් ගන්නකොට රටේ රාළ කිව්වා සජිත් ඔය ගැනීම විසින් අර්බුදයට යනවා කියලා.

ඒක ඒ විදිහටම සිද්ධවුනා.සජිත්ලා මහ ලොකුවට උස්සලා ගත්ත ඩිලාන්ලා,චන්න ජයසුමනලා දැන් උන්නද මලාද කියලා හොයා ගන්න නෑ.ඒ වගේම සජිත් එක්ක තවමත් පුද්ගලයෝ මිසක කිසිම බලවේගයක් එකතු වෙලා නෑ.සජිත් පහුගිය දවසක ගෝඨාභයගේ සුවච කීකරු සේවකයෙක් උන හිටපු හමුදාපති දයා රත්නායක සජබයට ගත්තා.

දැන් සරත් ෆොන්සේකාට සජිත්ට පහර දෙන්න තවත් නිමිත්තක් හැදිලා තියනවා. ඒ සටනත් අපිට හෙට දවසේ හොදින්ම බලාගන්න පුළුවන්.ඒක නිසා සජිත් සහ සජබය ගැන කලකිරීම දවසින් දවස වැඩිවෙමින් තියනවා.ඒ වගේම ඩයනාගේ පුරවැසිභාවය සම්බන්ධව නඩුව නැවත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විහාග කිරීමට තීරණය කිරීම විසින් සජබ තවත් අර්බුදයක පෙර නිමිත්තක් වෙන්න පුලුවන්.

ඇත්තටම දැන් අපේක්ෂකයෙක් විදිහට සජිත්ටත් පක්ෂයක් විදිහට සජබයටත් විකල්පයක් හොයලා තියාගත්තට කමක් නෑ.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions