Home » සජිත්ගේ පසුබැසීමට හේතුව කුමක්ද? – රටේ රාළ

සජිත්ගේ පසුබැසීමට හේතුව කුමක්ද? – රටේ රාළ

by Plus One

විපක්ෂ නායක සජිත් සහ ජවිපෙ නායක අනුර අතර පහුගිය පලාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් එක්ක ඇවිළුනේ කරට කර සටනක්. දෙන්නා අතර තිබුණ දේශපාලන බලු පොරය අවසන් උනේ ජය පරාජයකින් තොරවයි,ඒ දෙපැත්තටම තිබුණ ශක්තිමත් බලය හින්දයි. හැබැයි සජිත් – අනුර සටනේ දෙවෙනි වටය තවම පටන් අරන් නෑ.දෙවෙනි වටයක් නොඑන්න ප්‍රධාන හේතු සජිත් සටන මගාරින එකයි.

අනුර එක්ක සටන මඟෑරියට සජිත් කිසිසේත්ම ජනාධිපති සහිනයෙන් නං අත්මිදිලා නෑ.ඒ වෙනුවෙන් කරන්න ඕනි කිසිම දෙයක් සජිත් නතර කරලා නෑ.සමහර ඒවා තාවකාලිකව කල්දාගෙන විතරයි.ඇත්තටම අනුර සහ සජිත් සටනට මොකද වුනේ?ඒ සටනින් සජිත පස්සට ගියේ ඇයි?අනුර නං තවමත් ඇටෑක් එකට සූදානම් බව ඒ පැත්තෙන් තවමත් සජිත්ට එල්ල වෙන ප්‍රහාරවලින් පේනවා

පලාත් පාලන මැතිවරණය කල්ගියාට පස්සෙත් අනුර සහ සජිත් තරඟෙට වගේ බිම් මට්ටම ආමන්ත්‍රණය කළා.පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම් දෙපැත්තෙන්ම කළා.දෙපැත්තේම රැස්වීම් සාර්ථක මට්ටමක තිබුණා.දෙපැත්තටම සෙනඟත් හිටියා. අනුර කොළඹ වට කරන්න ආවොත් සජිතුත් අනිවාර්යයෙන්ම එනවා.හැබැයි කොළඹ වටලන්න ඇවිත් කාපු කෑමෙන් පස්සේ දෙන්නම කොළඹ වැටලීම අතෑරියා.මොනවා උනත් අනුර තමන්ගේ කැම්පේන් එක ආකෘති ගණනාවකින් ඉස්සරහට ගෙනත් තියනවා,

ජවිපෙ වෘත්තිය සමිති ක්‍රියාවලිය සක්‍රීයව තියාගන්න අනුර සමත් වෙලා තියනවා.ඒ වගේ මාලිමාවේ දිස්ත්‍රික් සමූළු දිගටම දැවැන්ත ජන සහභාගීත්වයන් එක්ක තියනවා.හමුදා සාමූහික හදන ක්‍රියාවලියත් යනවා,ගැහැණු අපි එකට මාලිමාවට වැඩෙත් නැගලා යනවා.සමාජවාදී තරුණ සංගමයත් ඉඳලා හිටලා මොනවා හරි කරනවා.අනුර දිනනවා කියන මතය සමාජය ඇතුලේ තහවුරු කරන්න එයාලා සමත් වෙලා තියනවා.ඒකට ගොඩක් අය බයවෙලා ඉන්න බවත් පේනවා.

ලාල් කියන මර්ධන කතාවලින් ඒ බය තවත් වැඩි වෙනවා.ඇත්තටම සජිත්ටත් ඒ බයවත් දැනිලාද?එහෙමත් නැත්තං සජිත් මේ කරන්නේ උපක්‍රමයක්ද කියන ප්‍රශ්නෙත් තියනවා.මොකද සජිත් හිතන්නේ අනුරට දුවලා හති වැටෙනකොට පටන් ගන්න වෙන්නත් පුළුවන්.ඉතිහාසයේ ජවිපෙට එහෙම වෙච්චි අද්දැකීම් තියනවා.ඒ කියන්නේ හොඳ මට්ටමින් පටන් ගත්ත ඡන්ද කැම්පේන් එක අවසන් වෙනකොට උපරිමයකට ගේන්න ජවිපෙට බැරිවුන අවස්ථා තියනවා.

සාමාන්‍යයෙන් ඡන්ද කැමිපේන් එකක් මගින් කඩා වැටෙනවා කියන්නේ ඒක අනිවාර්ය පරාජයේ ලක්ෂණයක්.ඡන්ද කැමිපේන් එකක් ආරම්භයේ පටන් අවසානය දක්වා ජයග්‍රාහී හැඩයෙන් පවත්වාගෙන යන්න ඕනි.දවසින් දවස වර්ධනයක් මිසක බිඳ වැටීමක් පෙන්නන්න  හොඳ නෑ.ඒක වෙන්න බලපාන එක ප්‍රධාන හේතුවක් තමයි සල්ලි ප්‍රශ්නය.ඊළඟ පක්ෂ ඇතුලේ ඇතිවෙන මත ගැටුම්. විශේෂයෙන්ම සන්ධානයක් ඇතුලේ මත ගැටුම් උග්‍ර අතට හැරෙනවා.

හැබැයි මේ පාර මාලිමාවට ඔය ප්‍රශ්න දෙකම නෑ. වියදම් කරන්න සල්ලි ඕනි තරම් තියනවා.ඒ වගේම මාලිමාව කියන්නේ ආයෙත් ජවිපෙම තමයි. ආය මත ගැටුම් ඇතිවෙන්න දෙයක් නෑ.ඔක්කොම හරිනිගේ මතය පිළිඅරගෙන ඉවරයි.මාලිමාවේ විධායක සභාව උනත් හදලා තියෙන්නේ ජවිපෙ බලය ආරක්ෂා වෙන විදිහට.ඒක නිසා සජිත් හිතනවා නං අනුරට හති වැටුනට පස්සේ පටන් ගන්න සජිත්ට වැරදිලා බවත් කියන්න ඕනි.

අනුරට හති වච්ටන ක්‍රමය සජිත් දන්නේ නෑ.ඒක නිසා සජිත් උපක්‍රමයක් විදිහට කැම්පේන් එක කල්දාලා නම් ඒක තරම්ම මෝඩකමක් තවත් නෑ. ඇත්තටම රටේ රාළගේ විග්‍රහට අනුව මේ වෙන මොකවත් නෙවෙයි සජිත්ගේ බැරිකම.සජිත් බැරිකම කියන එකෙන් රටේ රාළ අදහස් කරන්නේ සජිත්ට රැස්වීමක් තියාගන්න බෑ කියන එක නෙවෙයි.සජිත්ට අනුරලා තියන මට්ටමේ රැස්වීම් කරන්න බෑ කියන එකයි.හැබැයි ඒක වෙන්නේ සජිත්ට සල්ලි නැති හින්දා නෙවෙයි.

අනුරට තරම් නැති උනත් සජිත්ට වැඩේ කරන්න ඕනිවටත් වැඩිය සල්ලි තියනවා.එහෙනම් මොකද්ද සජිත්ගේ බැරිකම කියලා කියන්නේ.ඇත්තටම මේ සජිත්ගේ මතවාදී දුර්වලකමයි.අනුර සහ සජිත් සන්සන්දනය කරද්දී දෙන්නම කියන්නේ ගල් පැලෙන බොරු.හැබැයි බොරුව උනත් ඇත්ත වගේ මවලා දෙන්න අනුරට පුළුවන්.අනුර කියන්නේ සජිත්ට වඩා දක්ෂ presenter කෙනෙක්.

අනුරට තමන් වටේට ඉන්න බලවේගයට දිනන මනසක් හදලා ඒක පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියනවා.සජිත්ට ඒක හදාගන්න බෑ.දිනනවා නෙවෙයි සජිත් අන්තිම මොහොතේ ජනාධිපතිවරණ සටන මඟහැරලා වනගත වෙයිද කියන බය සජබ ගොඩක් අයට තියනවා.ඒ අපේක්ෂාහංගත්වය තමයි එතන තියෙන්නේ.සජිත් මේ වෙලාවේ වැඩේ පටන් ගන්න උපරිම උත්සාහය කරනවා.

ආසන සංවිධායකයන්ට පෞද්ගලිකව කතා කරනවා.දිස්ත්‍රික් කම්ටු zoom එකෙන් කැදවනවා. ප්‍රදේශිය සභා මන්ත්‍රීලා සහ කොට්ඨාශ නියෝජිතයෝ කැදවනවා.ඒත් කවුරුවත් වැඩේ බාරගන්නේ නෑ.සමහර දිස්ත්‍රක්කවල සජබ දිස්ත්‍රික් නායකයෝ ඉල්ලා අස්වෙලා.සමහරු අක්‍රීයයි.සජිත් සක්‍රීය උනාට සජබ පිට්ටනිය තවමත් ලෑස්ති නෑ.මේ තත්වය තවදුරටත් පැවතීම සජිත්ට මාරාන්තිකයි.

සජිත් මේ අර්බුදයට උත්තරය විදිහට හැදුවේ උඩින් සමගි සන්ධානය හදෙනවා කියන ලයිට් එක ගහලා පෙන්නන්න.ඒකට තමයි ඩලස්ගේ නිදහස ජනතා සභාව කෑලි දෙක තුනකට කඩලා එකක් ගත්තේ.ඒකට තමයි ශ්‍රිලනිපයේ ශාන් සහ දයාශ්‍රිත ගත්තේ.හැබැයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ ඒ ගැනීමට සජබයට පාරවලල්ලක් වීමයි.මේ අය ගැනීම විසින් සජබය ඇතුලේ ලොකු අභයන්තර අර්බුදයක් නිර්මාණය වෙලා.

හර්ෂයි  – ගොඩහේවයි සජබ ඇතුලේ වෙනම දේශපාලන බලු පොරයක පැටලිලා.ඩිලාන් ගත්ත එකට සජබ බහුතරය කැමති නෑ.චන්න ජයසුමන ගත්තට සජබ බහුතරය වගේම සජබ වටේට ඉන්න දෙමළ සහ මුස්ලීම් පක්ෂත් කැමති නෑ. සජිත්ට දැන් කට උත්තර නැති තැනට පත්වෙලා. රටේ රාළ කියන්නේ සජිත්ට මේ අන්තර්භවයේ තවත් වැඩි දවසක් ඉන්න බෑ.අඩූම ගානේ සජිත් තියන දෙයක් එක්ක පොලොවට බහින්න ඕනි.

නැත්තං වෙන්නේ සජබය නිකම්ම එජාප ආක්‍රමණයට ගොදුරු වෙන එකයි.දැනටමත් එජාපය ඒ operation එක පටන් අරන්.එක පැත්තකින් තියන තනි මන්ත්‍රී ධූරය හරි පාවිචි කරගෙන එජාපය ගේමට බැහැලා.පහුගිය දවසක වජිර මුල් කරගෙන තංගල්ලේ රැස්වීමක් තියලා තිබුණා.රටේ රාළට ආරංචි විදිහට දාහකට ආසන්න සෙනගක් එතන හිටලා තිබුණා.

එජාපය ඔය රැස්වීම් වටය දිගටම ගෙනියන්න හදයි.ඒ වගේම නව වගකීමත් එක්ක රවී ගොඩක් දුරට සක්‍රීය වෙලා.රවී රට පුරා එජාප යාන්ත්‍රණය ශක්තිමත් කරමින් ඉන්නවා.රනිල් ලබන මාසේ වගේ ඉඳන් ආර්ථික ප්ලැන් එකක් අරන් දුවන්න ලෑස්ති වෙනවා.ඒ වගේම ලන්සලා ලබන 27 වෙනිදා ජා – ඇලින් එයාගේ සන්ධානයේ රැස්වීම් වටය පටන් ගන්නවා.එතකොට ජවිපෙ වගේම රනිල්ගේ කැම්පේන් එකත් පෙරමුණු කීපයකින් මහ  පොලොවට සම්බන්ධ වෙනවා.

ඇත්තටම දැන් තනිවෙලා ඉන්නේ සජිත්.ඔයාලට මතක නම් මීට ඉස්සෙල්ලා රටේ රාළ කියපු කතාවක් මෙතනට එකතු කරගන්න පුළුවන්. මතකද රටේ රාළ කිව්වා රනිල් අනුරව යොදා ගන්නේ සජිත්ට ගහන්න කියලා.අනුර නියමෙටම රනිල්ගේ කොන්ත්‍රාත්තුව කළා.අනුරට ඒ වැඩේ තවත් පහසු කරන්න සජිත්ගේ කැම්පේන් මැනොජර් විදිහට සුජීව සේනසිංහ දාලා තියනවා.

සුජීවලා ගිය තැන අසමගිය මිසක් සමගියක් නං හදලා නෑ.ඒක වෙලාවක් රටේ රාළට හිතෙන්නේ සුජීවත් රනිල්ගේ plant එකද්ද කියලයි.සජිත් කොතනින් කොහොම පටන් ගත්තත් සජිත්ට කඩාගෙන පනින්න මලිමාව ලෑස්ති වෙලා ඉන්නවා. සජිත්ට ඒ සටන මඟාරින්න බෑ.මේ පාර සජිත්  – අනුර දේශපාලන බලු පොරයෙන් පස්සේ ඉතිරි වෙන කෙනාට තමයි රනිල් එක්ක සටනට එන්න වෙන්නේ.

දැනට නං සජිත්  – අනුර දේශපාලන බලු පොරයේ වැඩි වාසිය තියෙන්නේ අනුරට.ඒ කියන්නේ දැනට තියන තත්වයට අනුව නං  රනිල් එකක් බොහෝදුරට සටනට එන්නේ අනුර.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

 
Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions