Home » අනුරව ඕවර්ටේක් කරන සජිත්ගේ අලුත් සන්ධානය හෙට,

අනුරව ඕවර්ටේක් කරන සජිත්ගේ අලුත් සන්ධානය හෙට,

by Plus One

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතෙ බිහිවන නව දේශපාලන සන්ධානයක් දෙසැම්බර් 20 වන හෙට දින කොළඹදී ආරම්භ කිරීමට සූදානම් බව වාර්තා වේ. ඒ සදහා ඩලස්-ජී ඇල් කණ්ඩායම මෙන්ම සුළු ජාතික පක්ෂ කිහිපයක්ද සම්බන්ධ වීමට සූදානම්ය.

හෙට දින මෙම සන්ධානයේ මූලික අදියරයේ සාකච්ජාවක් පමණක් සිදු කිරීමටත් එලෙඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන තවත් පක්ෂ හා කණ්ඩායම් මෙම සන්ධානයට එක් කර ගැනීමටත් සංවිධායකවරුන්ගේ අදහසයි. මේ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ හිටපු ලේකම් දයාසිරි ජයසේකර මහතා ද සම්බන්ධ වීමට ඉඩ ඇති බව පණිවිඩකරු කියා සිටි.

කෙසේ නමුත් මේ සියල්ලම ජනාධිපති අපේක්ෂකයා වීමට කරන උත්සහයන් බවත් අප තේරුම් ගත යුතුය. සජිත් ප්‍රේමදාස තවමත් සජබේ අපේක්ෂකයාද යන්න කියා එම පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ටද සුවර් නැත. සජිත් මෙන්ම තවතව නම් ගත් ඇත්තෝ සජබය තුල හා විපක්ෂයේ අනික් පක්ෂවල සිට ජනාධිපති වීමට සිහින මවමින් සිටි.

නමුත් මෑත කරන ලද සියලු සමීක්ෂණවලින් පෙනී යන්නේ ඔය කාටත් වඩා අනුර ගව්ගාණක් ඉදිරියෙන් බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions