Home » සජබ ඇතුලෙ කචල් ගොඩයි, සභාපති – ලේකම් වලිද?

සජබ ඇතුලෙ කචල් ගොඩයි, සභාපති – ලේකම් වලිද?

by Plus One

සමගි ජන බලවේගය ඇතුලෙ මේ දවස්වල බරටම කචල්ලු,

පොහොට්ටුවේ බැසිල්ගේ ලගම හිටපු මන්ත්‍රීලා, ගෝඨාගේ වියත්මග ලොක්කන් ලහි ලහියේ සජබට අරගෙන සජිත් විසින් ඒ අයට පක්ෂෙ ලොකු තනතුරුත් දෙන එකටලු මේ කචල් එක.

“සජිත් බලන්නෙ කොහොමහරි ජනාධිපති වෙන්න. ඒක ගැන විතරයි එයා හිතන්නෙ. මෙහෙම ගියොත් අපිට යන එන මන් නැති වෙනවා.”

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීලා තැන් තැන්වල දැන් මෙහෙම කසුකුසු ගානවාලු. හැබැයි මේ කතාවනම් ඇත්ත. සජිත් ජනාධිපති වෙන්න ට්‍රයි ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීලා බලන්නෙ ආයෙ කොහොමද පාර්ලිමෙන්තු එන්නේ කියලා. රාජපක්ෂලාගෙ ගෝලයෝ සජබට ආවම ඒ ඒ දිස්ත්‍රික්කවල මානාප ජන්ද ගැන ඒ මන්ත්‍රීලට සාධාරණ බයක් දැනෙනවා. අනික ආණ්ඩුවක් ගත්තාම ඔය අනික් පක්ෂවල අයටත් තනතුරු බෙදලා තමා සජබ අයට ඇමතිකම් ලැබෙන්නෙ.

මේකෙ හොදම වලිය පටන් ගත්තෙ හිටපු හමුදාපති දයා රත්නායකව සජබට ගත්තාම. ඔය සමගි රණවිරු බලවේගය හදන වැඩේට තමා දයාව සජිත් සෙට් කරගෙන තියෙන්නෙ. හැබැයි ඔය රණවිරු වැඩේ බාරදීලා තියෙන්නේ සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට. හැබැයි පක්ෂෙ සභාපති, යුද්ධෙ ඉවරකරපු හමුදාපති. 2010 ජනාධිපතිවරණ අපේක්ෂකයා.
රණවිරු වැඩෙන් ෆොන්සේකාව හලලා තමා මද්දුමබණ්ඩාරට දීලා තියෙන්නෙ. ඔය දයා රත්නායක සජබට එනවා කියලා ෆොන්සේකා දන්නෙත් නිව්ස් වලින් කියලයි ආරංචිය.

සමගි ජන බලවේගය විසින් පසුගියදා පවත්වන ලද විරෝධතාවය පිළිබඳවත්, හිටපු හමුදාපති දයා රත්නායකගේ එක් වීමත් සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා විසින් මාධ්‍ය හමුවක් අරන් පක්ෂෙ ලොකු තැන්වලට හොදටම ඇටෑක් කලා.

මේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළකරමින් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කලේ,

පක්ෂයේ සභාපතිවරයා වන සරත් ෆොන්සේකා පක්ෂය ඇතුළේ කතා කළ යුතු කාරණා එළියේ කතා කරනවාට තමන් විරුද්ධ බවත් ඔහු ප්‍රකාශ කරයි.

“සරත් ෆොන්සේකා මහතා සභාපති. ඇතුළෙ කතා කරන්න ඕන ඒව එළියෙ කතාකරනවට නම් මම විරුද්ධයි. සමහර අය හිතේ අමාරුවට කරන ප්‍රකාශ තියෙනවා. සමහර අය යම් යම් ද්වේශයෙන් කරන ප්‍රකාශ තියෙනවා. ඒ ප්‍රකාශය ගැන මම හෙලාදකිනවා. මම ඊට වැඩිය ඒ ගැන මුකුත් කියන්නේ නැහැ. පක්ෂයේ සභාපති ඊට වැඩිය වගකීමෙන් කතා කරන්න ඕනා.”

සජිත්ගේ මේ වගේ වැඩ නිසා සෙට් එකක් ආයෙත් පරණ බොස් ගාවට යන්න මේ දවස්වල කතාවලු.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions