Home » සජබෙට ගිය චන්න රොෂාන් ලගට, වෙල්ගමත් ඇවිත්

සජබෙට ගිය චන්න රොෂාන් ලගට, වෙල්ගමත් ඇවිත්

by Plus One

පසුගිය දිනෙක නිදහස ජනතා සභාවේ නාලක ගොඩ හෙවත් ඇතුළු පස් දෙනෙකු සමගි ජන බලවේගය සමග එක්වී හෙළබෙන ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක් වූ බව අප ඔබට වාර්තා කළා.

එම කණ්ඩායමේ සාමාජිකයෙකු මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ රොෂාන් රණසිංහ මහතාගේ නව දේශපාලන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී දැකගැනීමට හිමි විය.

අර්ජුන රණතුංග, රුක්ෂාන් මාලින්ද යන මහත්වරුන්ද මෙම උත්සවයට සහභාගි වී සිටියහ.

චන්න ජයසුන්ට අමතරව පසුගිය මහ මැතිවරණයේ සමග ජන බලවේගයෙන් තේරී පත් වූ කුමාර වෙල්ගම මහතාද මෙම කාර්යාල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වී සිටිය.

එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහිකිරීමට උත්සාහ ගන්නා රොෂාන් රණසිංහ මහතාගේ නව දේශපාලන කාර්යාල විවෘත කලේ කොළඹ ගංගොඩවිල ප්‍රදේශය බවයි අපිට වාර්තා වන්නේ.

ඇත්තටම මේ අලුත් සන්ධානයක් ද නැත්නම් හදන සන්ධානකට එක්වීමට ගන්නා උත්සාහයක්දැයි අප බලාගෙන සිටිමු.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions