Home » ශ්‍රී ලංකා ක්‍රිකට් ඔන්ලයින් උපදේශක : මාසෙට ලක්ෂ 62 ක් පඩි

ශ්‍රී ලංකා ක්‍රිකට් ඔන්ලයින් උපදේශක : මාසෙට ලක්ෂ 62 ක් පඩි

by Nirodha Gamage

සංචාරක ශ්‍රී ලංකා පිල දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ඉනිමකින් පරාජය වෙද්දී ඩොලර් දහඅටදහසක මාසික වැටුපක් ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක වෙනත් රටක ෆ්‍රැන්චයිස් කණ්ඩායමක් නියෝජනය කරමින් ජාත්‍යන්තර ලීග් තරගාවලියක ක්‍රීඩකයන් ලැයිස්තුගත කිරීමේ වැඩසටහනකට අමෙරිකාවට ගොස් සිටි බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පිල නවසීලන්තය හමුවේ 2-0කින් පූර්ණ ටෙස්ට් පරාජයක් අත්විඳීමෙන් පසුව ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 කණ්ඩායම දසුන් ශානකගේ නායකත්වයෙන් පසුගියදා නවසීලන්ත සංචාරයට එක් වූයේ තවත් විශේෂඥ පුහුණුකරුවකු සමඟිනි.

තිළිණ කණ්ඩම්බි එසේ විශේෂඥ පුහුණුකරුවකු ලෙස නවසීලන්තයට යවා ඇත්තේ දැනට එරට සිටින පුහුණුකරුවන්ගෙන් සෑහීමකට පත්විය නොහැකි නිසා යයි පැවසේ.

අමෙරිකාවට ගිය ක්‍රිකට් උපදේශක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පමණක් නොව අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ද උපදේශකයා ලෙස ද කටයුතු කරයි. මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තුන්කොන් තරගාවලියකට සහභාගි වෙමින් සිටින අවුරුදු 19න් පහළ කණ්ඩායමට අදාළ ක්‍රිකට් උපදේශකගෙන් ලැබෙන දායකත්වයක් නොමැති නමුත් ඔහු රුපියල් හැටදෙලක්ෂයක් වැනි විශාල මාසික ගෙවීමක් ලබයි.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions