පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් පවරා ඇති නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද වරෙන්තු නිකුත් කළා.
2016 වසරේ බෞද්ධාලෝක මාවතේ ප්‍රධාන මාර්ග අවහිර කරමින් මහජනතාවට සහ සාමාන්‍ය වාහන ගමනාගමනයට බාධා ඇති කරමින් පැවති විරෝධතාවයකට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු පස් දෙනෙකු නායකත්වය ලබාදුන් බවට කුරුඳුවත්ත පොලිසිය චෝදනා කළා.
මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.