Home » වැලන්ටයින් අරන් පාඨලී ජනාධිපතිවරණ සටන අරඹයි

වැලන්ටයින් අරන් පාඨලී ජනාධිපතිවරණ සටන අරඹයි

by Plus One

ගෙවීයන දිනෙන් දින රට තුළ ජනාධිපතිවරණ උණුසුම වැඩි වන බවක් පෙනෙන්නට තිබේ. දැනට ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයන්ගේ හැසිරීම් සහ ක්‍රියාමාර්ග ගැන මෙන්ම විරුද්ධ අපේක්ෂකයා ගැන විවේචනයන්ද දැන් වැඩිපුර අපට අසන්නට හැකියාව ඇත.

මේ සියල්ල මැද ආනුර කුමාර ඇතුළු කණ්ඩායම ඉන්දියාවේ කල සංචාරයත් සමගි ජන බලවේගයේ අභ්‍යන්තර අර්බුදත් පසුගිය සතියේ ප්‍රධාන දේශපාලන කතිකාව විය.

අනුර සහ සජිත් මේ වන විට ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයන් බව බොහෝ සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කළද දෙදෙනාටම තවමත් 50% දුරය.

ඉදිරියෙන්ම සිටින මෙම අපේක්ෂකයන් දෙදෙනාටම අභියෝග කරන තවත් තරගකාරයෙක් ආදරවන්තයින්ගේ දිනය වන පෙබරවාරි 14 අද දිනයේදී තම ජනාධිපතිවරණ සටන ආරම්භ කරයි.

දේශය වෙනුවෙන් එක්වන පියවරක් තේමා කරගනිමින් එක්සත් ජනරජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, කොළඹ ලක්ෂ්මන් කදිරිගාමර් ආයතනයේ දී රට ගොඩනගන වැඩපිළිවෙළක් ජනගත කරමින් මෙලෙස තම මැතිවරණ මෙහෙයුම් ආරම්භ කරන බව වාර්තා වෙයි.

චම්පික පසුගිය සතියේම අනුර සහ සජිත් දෙදෙනාටම ප්‍රසිද්ධියේ චෝදනා කළේ ඔවුන් කිසිවෙකුටත් රට ගොඩ නඟන වැඩපිලිවෙලක් නොමැති බව අගවමිනි.

ඇත්තටම චම්පිකට ජනාධිපති වීමට හැකියාවක් ඇත්ද?

අනුර සහ සජිත් දෙදෙනා හැරුණු කොට ඊළඟ අවධානය යොමු වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙසටය. වත්මන් ජනාධිපතිවරයා අපේක්ෂකයෙකු නොවනතාක් චම්පිකට වැඩි ඉඩකඩක් ඇත.

ඔය හදන ගොඩක් සන්ධාන වල අවසාන අපේක්ෂකයා රනිල් නැත්නම් චම්පිකය.

ඊට සජබ බහුතරයක්ද එක්වනු ඇති බව දේශපාලන විශ්ලේෂණය කරන ඕනෑම අයෙකුට අවබෝධ වේ.

අමුවෙන්ම කිව්වොත් අනුර කුමාරව පරාජය කළ හැකි දේශපාලක ප්‍රභූ පංතියේ වැලන්ටයින් කුමාරයා චම්පික වීමට ඔහු තරග කරනු ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions