Home » වසර පහක් ඇතුලත පලස්තීන රාජ්‍යය ස්ථාපිත කළ යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව අමතමින්

වසර පහක් ඇතුලත පලස්තීන රාජ්‍යය ස්ථාපිත කළ යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව අමතමින්

by Plus One

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ තිබෙන යෝජනා මෙන්ම, මෙම සමුළුවේ ප්‍රකාශනයට අනුකූලව බටහිර ඉවුර, ගාසා තීරය මෙන්ම නැගෙනහිර ජෙරුසෙලම, පලස්තීන රාජ්‍යයේ කොටසක් ලෙස පිළිගත යුතු බව උගන්ඩාවේ කම්පාලා නුවර පැවති නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ 19 වැනි රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. එමෙන්ම ගාසා තීරයේ ජනවාර්ගික සංයුතිය වෙනස් නොවිය යුතු අතර වසර පහක් ඇතුළත පලස්තීන රාජ්‍යය ස්ථාපිත කළ යුතු යැයි යෝජනා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය

මීට අමතරව විකාශනය වන බහුධ්‍රැවීය ලෝකයට ගැලපෙන පරිදි නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ අරමුණු නැවත නිර්වචනය කරමින් ගෝලීය දකුණේ විශාලතම සාමාජික සංඛ්‍යාව සිටින සංවිධානය බවට පත් විය යුතු බවත්, එම පරිවර්තනයේදී මහා බල එදිරිවාදීකම් මෙන්ම ඊට මැදිහත් නොවන රාජ්‍යයන් ඈඳා ගැනීමට සිදු කරන බලපෑම්වලට විරුද්ධ විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කොට ඇත.

එමෙන්ම ගෝලීය දකුණේ රටවල පවතින දේශපාලන, ආර්ථික, සමාජීය සහ දේශගුණික විපර්යාස අවම කිරීමේ අභිලාෂයන් සපුරාලන, බහු ධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීමට නොබැඳි ජාතීන්ගේ සංවිධානය දායක විය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Join with us – https://chat.whatsapp.com/JdGc1SkqDhCDwcuvvN0VML

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions