Home » වල් නිදහස – එරන්ද ගිනිගේ

වල් නිදහස – එරන්ද ගිනිගේ

by Plus One

මට හිනා යන්නේ online safety bill එකට විරුද්ධ වෙන හාදයන් දකින විටය. ඔවුන් ඊනියා අරගලය තුළ සමාජ මාධ්‍යයේ මාගේ භාෂනයේ නිදහස දැඩි ලෙස මර්දනය කළ සාහසිකයන්. අද ඔය කතා කරන කිසි කෙනෙක් එදා මා වෙනුවෙන් වචනයක් කතා කළේ නැහැ.

මෙහි තිබෙන උත්ප්‍රාසය වන්නේ ඔය කියන පනතින් සමාජ මාධ්‍ය නිදහස මර්දනය කෙරෙනවා නම් එයින් අදහස් වන්නේ පනතට පෙර මෙරට සමාජ මාධ්‍ය නිදහස යහමින් තිබුණු බවයි!

සැබැවින්ම වුණේ තිබුණු නිදහස වල් නිදහසක් කර ගැනීමයි. තම දේශපාලන ප්‍රතිවාදීන් ඝාතනය කිරීම සඳහා සමාජ මාධ්‍ය නිදහස අවියක් කර ගැනීමයි. ශිෂ්ට සම්පන්නව තිබුණු සමාජ මාධ්‍යය අශිෂ්ට නරකයක් කර ගැනීමයි.

එය හරියට උද්ඝෝෂණය කරන්න තැනක් දුන් විට එතනට ගොස් කඳවුරු ගහගෙන ඒ නිදහස දුන් එකාවම එළවා දැමීම වැනි ආන්තික වල් කමකි.

දැන් එයට පිළිතුර ලැබී තිබේ. ඕනෑම බලයක් ඕනෑවට වඩා භාවිතා කරන්න ගියාම එයට විරුද්ධ බලයක් නිර්මාණය වෙනවා. “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය.” කියලා නිර්මාල් දේවසිරි විසින් නිදහසේ වල්කමට සමාජය ගෙනිච්චා. දැන් පොලිස් පිස්තෝලය ඒ වල් සමාජය දෙසට එල්ල වී තිබෙනවා. ඒක තමයි ස්වභාවය. ගෝඨාභය නිදහස දුන්නා. නූගත් මෝඩ අරගලකාරයන් ඒක වල් අන්තයට ගෙනිච්චා. දැන් ඒකට ප්‍රතිචාරය ලැබිලා.

මේ පනතින් මොනවා වෙනවද කියලා මම නම් හොයන්න කරදර වුණේ නැහැ. මොකද මට නම් මෙයින් කිසිම වෙනසක් වෙන්නේ නැති නිසා… මොකද පනතට පෙරත් කොහොමත් මා සමාජ මාධ්‍යයේ දරුණු ලෙස මර්දනයට ලක් වුණානේ. ඒ දැන් ඔය පනතට විරුද්ධව කෑ ගහන අය අතින්. ඉතින් අපි මොකටද ඒ ගැන තව දුරටත් වද වෙන්නේ… ධර්මය ඔබට මග වේවා!

එරන්ද ගිනිගේ
2023 ජනවාරි 24

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions