Home » ලෝක බිත්තර දිනයට ඇමති කරපු දේ…

ලෝක බිත්තර දිනයට ඇමති කරපු දේ…

by Nipuna Fernando

අදට(14) යෙදී තිබෙන ලෝක බිත්තර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික වැඩසටහන කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ අගුණකොළපැලැස්ස පුරහලේදී පවත්වා තිබේ. මෙහිදී ගැබිනි මව්වරු 500 කට බිත්තර ඇතුළත් පෝෂ්‍යදායී ආහාර ද්‍රව්‍ය අඩංගු ආහාර මල්ලක් බැගින් බෙදාදීමටයි අමාත්‍යවරයා පියවර ගෙන තිබුණි.

ශ්‍රී ලංකාවේ බිත්තර කර්මාන්තය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ පවසන ලදි.

” අප රටේ වාර්ෂික බිත්තර නිෂ්පාදනය මිලියන 1000 – 3000 අතර පැවතියත්, 2021 වසරේ රසායනික පොහොර ලබා නොදීම නිසා බඩඉරිඟු නිෂ්පාදනය පහත වැටිණා. 2021 වසරේ මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 2934 ක් වුව ද, 2022 ජූනි මස වනවිට මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 1963 ක් දක්වා 34% කින් අඩු වී තිබෙනවා.

මින් වසර 10 කට පෙර මෙරට ඒක පුද්ගල බිත්තර පරිභෝජනය 35 ක් වුවත්, 2021 වසර අවසන් වනවිට ඒක පුද්ගල බිත්තර පරිභෝජනය 125 දක්වා ඉහළ ගොස් තිබුණා. ආහාර නිෂ්පාදන කර්මාන්තය ඉහළ යාම නිසා බිත්තරවලට ඉහළ මිලක් පැවතියත්, මේ වනවිට මෙරට බිත්තර කර්මාන්තය විශාල අර්බුදයකට මුහුණ පා තිබෙන්නේ සත්ව ආහාරවල හිඟකමත්, මිල ඉහළ යාමත් මෙන් ම කුකුල් පැටවුන් බෝ කිරිම සඳහා මවු සතුන් ආනයනය අවම කිරීම හේතුවෙන්.

පසුගිය වසරේ මෙරටට මව් සතුන් 80,000 ක් ආනයනය කළ ද, විදේශ විනිමය හිඟකම නිසා මෙම වසරේ මව් සතුන් ආනයනය කර තිබෙන්නේ 7,000 ක් පමණයි. එම නිසා ලබන වසරේදී මෙරට කුකුල් මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ දෙනවා. “

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions