Home » රුසියාවේ වැඩ ගැන ලංකාව ගත් තීරණය…

රුසියාවේ වැඩ ගැන ලංකාව ගත් තීරණය…

by Nipuna Fernando

රුසියාව විසින් යුක්‍රේනයේ කලාප හතරක් “නීති විරෝධීව ඈඳා ගනු ලැබීමේ උත්සහය” හෙළා දැකීමට සහ වහා ම එම ක්‍රියාමාර්ග ආපසු හැරවිය යුතු බවට බල කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා ඊයේ (ඔක්. 12) පැවති ඡන්ද විමසීමේදී එම යෝජනාවට රටවල් 143ක සහය හිමි වී ඇති අතර විරුද්ධව ඡන්ද 5ක් ලැබී ඇත. එමෙන් ම ශ්‍රී ලංකාව, චීනය, ඉන්දියාව, පකිස්ථානය ඇතුළු රටවල් 35ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇත. මෙම වසරේ මාර්තු මාසයේදී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම හෙළා දැකීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ද ශ්‍රී ලංකාව එලෙස ම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions