Home » රිය අනතුරක් කර පලාගිය සුඛෝපභෝගී මෝටර් රථයක් පාර්ලිමේන්තු මන්ත්‍රී පන්නා අල්ලා ගනී

රිය අනතුරක් කර පලාගිය සුඛෝපභෝගී මෝටර් රථයක් පාර්ලිමේන්තු මන්ත්‍රී පන්නා අල්ලා ගනී

by Nirodha Gamage

යතුරුපැදිකරුවකු හප්පා පලා ගිය සුඛෝපභෝගී මෝටර් රථයක් යමින් එහි රියැදුරු අල්ලා පොලිසියට භාරදීමට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා කටයුතු කළේය.

බණ්ඩාරගම රයිගම් පදික මාරුව අසලදී යතුරුපැදිකරුවකු අනතුරට ලක් කර එම සුඛෝපභෝගී මෝටර් රථය පලායමින් සිටියදී මන්ත්‍රීවරයා තම රථයෙන් ඔහු හඹා ගොස් ඔහු පොලිසියට බාර දී තිබේ. පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඔහු ජාත්‍යන්තර පාසලක ක්‍රිකට් තරගයක් නරඹා ආපසු යමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලද පුද්ගලයා මේ වන විට රෝහල් ගත කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සඳහන් කරන්නේ මෙම අනතුර තම දෑසින්ම දුටු බවත් රිය අනතුරක් සිදුවීම සාමාන්‍ය දෙයක් වුවත් අනතුරට ලක්වූ පුද්ගලයා දෙස නොබලා පලායාම අනුමත කළ නොහැකි බවත්ය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions