Home » රිච්මන්ඩ් පුතුන් අපරාජිතව ඉදිරියට

රිච්මන්ඩ් පුතුන් අපරාජිතව ඉදිරියට

by Nipuna Fernando

අවුරුදු 19 පහළ සීමිත පන්දුවාර අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දී අපරාජිත ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සිය අටවන ජයග්‍රහනය වාර්තා කිරීමට අද (10) සමත් විය. ඒ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය අතර පැවති තරගයෙන් ලකුණු 62ක සහ ප්‍රසාද ලකුණක විශිෂ්ඨ ජයක් ලැබීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමත් වී ඇත.

මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගාල්ල රිච්මන්ඩ් විදුහල් පිල පන්දුවාර 48ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 211ක් ලබා ගන්නා ලදී. මෙහිදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ වෙනුවෙන් මල්ෂා ලකුණු 55ක් ද කවිඳු ලකුණු 45ක් ද ජනෙත් ලකුණු 36ක් ද ලබාගෙන රිච්මන්ඩ් ඉනිම ශක්තිමත් කරන ලදි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැළණිය ගුරුකුළ විද්‍යාල කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 149ක් පමණි. ඒ පන්දුවාර 42ක් සහ පන්දු පහක් තුළ වේ. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් නාලක ලකුණු 21ට කඩුලු 3ක් සහ මල්ෂා ලකුණු 24ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර රාමනායක ලකුණු පහට එක් කඩුල්ලක් දවා ගන්නා ලදි. ඒ අනුව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය මේ දක්වා ක්‍රීඩා කළ සියලු තරඟ ජයගෙන තරඟාවලියේ බී කාණ්ඩයේ පෙරමුණගෙන ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions