Home » රැගර්ස්ලා ඩීන්ට දාපූ චන්ඩි පාර්ට්!

රැගර්ස්ලා ඩීන්ට දාපූ චන්ඩි පාර්ට්!

by Nipuna Fernando
“විවිධ දේශපාලන පක්ෂවල අතකොළු බවට පත්ව සිටින අවස්ථාවාදී පාදඩ නරුම පිරිසකගෙන්” තමන්ට දිනෙන් දින මරණීය තර්ජන එල්ල වන බව පේරාදෙණිය විශ්වවිද්යාලයේ ශාස්ත්ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්රභාත් ඒකනායක ප්රකාශ කළේ ය.
 
“මේ රටේ හත්වන විධායක ජනාධිපතිවරයා ගෙදර යැව්ව අපිට ඩීන් කජ්ජක් ද?” කියා පේරාදෙණිය මහා ශිෂ්ය සංගමයේ සභාපතිවරයා තමන්ට තර්ජනය කළ බව ද ඒකනායක මහතා කීය.
පේරාදෙණිය විශ්වවිද්යාලයේ ශාස්ත්ර පීඨයේ නවකවධයට පක්ෂ සිසු පිරිසක් නීති අධ්යයන අංශයේ සිසු පිරිසකට එම පීඨයේ ගෙම්බා ආපනශා ලාවේදී පහර දීමේ සිද්ධිය මුල් කරගනිමින් ශාස්ත්ර පීඨයේ මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.
 
නවකවධය අනුමත නොකරන සිසුන්ට දිගින් දිගට ම සිදුකරන පහර දීම් නතර කිරීමට ශිෂ්ය සංගම් කටයුතු නොකිරීම නිසා තත්ත්වය වඩාත් බරපතළව ශාස්ත්ර පීඨය මේ වන විට වසා දමා තිබෙන බව ද හෙතෙම කීය.
වැඩිදුරටත් මාධ්ය හමුවේ අදහස් දක්වමින් පීඨාධිපතිවරයා මෙසේ ද කීවේ ය.
 
“විශ්වවිද්යාලයේ සියලු සිසුන්ගේ අධ්යාපන අයිතිය රැකදීම සඳහා කටයුතු කරද්දී දේශපාලන පක්ෂවල අතකොළු වුණු සිසුන් අපට තර්ජනය කරනවා. මෑත කාලයේ ඇතිවූ බරපතළ නවකවධ සිදුවීම් නිසා ශාස්ත්ර පීඨය මේ වන විට වසා දමා තිබෙනවා. සෑම විශ්වවිද්යාලයක ම නවක සිසුන්ට ජ්යෙෂ්ඨ සිසුන් හිරිහැර කරනවා. සමාජයට අනුගත කරන්න, උපසංස්කෘතියට අනුගත කරන්න කියමින් මේ වධ දීම් කරනවා. මේ නවකවධයට විරුද්ධ පිරිසක් ඉන්නවා.
 
ඒ අයට විශ්වවිද්යාලයේ පොදු ස්ථාන පරිහරණය කරන්න දෙන්නේ නැහැ. ඒ අයට ශාස්ත්ර පීඨයේ ප්රධාන පොදු ආපන ශාලාව වන ගෙම්බා කැන්ටිමේ දිවා ආහාර ගන්නකොට පහර දෙනවා. කලින් කල විවිධ ආපන ශාලාවල මේක සිද්ධ වුණා. ජිම් එක, ක්රීඩාගාරය, පුස්තකාලය පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. පසුගිය 14දා ඉංග්රීසි මාධ්යයෙන් අධ්යාපනය ලබන සිසුන් සහ නීති අධ්යයන අංශයේ සිසුන් මේ කැන්ටිමේදී පහර කෑමට ලක්වෙනවා. මමත් මැදිහත් වෙලා කිව්වා මේක නතර කරන්න කියලා. ඒ අනුව නැවත පහර දෙන්නේ නැහැ කියලා එකඟතාවකට ආවා. ඒත් ඊට පැය දෙකකට පසු නැවත පහර දීමක් කළා.
 
 
මේක කළ ශිෂ්යයෝ කීපදෙනෙක් අඳුන ගත්තා. මොවුන් දිගින් දිගට ම මේ වගේ ක්රියාකාරකම්වල නිරත වෙනවා. පළමු උපාධිය දක්වා මේ ළමයි හැමෝ ම නිදහස් අධ්යාපනය යටතේ අධ්යාපනය ලබනවා. විශ්වවිද්යාලයේ සෑම ළමයෙක් ම නිදහස් අධ්යාපනයෙන් ආව අය. කැන්ටිමකට යන්න, විශ්වවිද්යාලයේ පොදු ස්ථානයක් පරිහරණය කරන්න වෙනම ඉසෙඩ් ස්කෝර් එකකින් පාස් වෙන්න ඕන නැහැ. ඒකට කවුරුවත් වෙන ම අනුමැතිය දෙන්න අවශ්ය නැහැ. ඉගෙන ගෙන විශ්වවිද්යාලවලට එනකොට සුජාත අයිතිය හැම කෙනෙකුට ම තියෙනවා.
විශේෂයෙන් ම මහා ශිෂ්ය සංගමයේ සභාපතිවරයා මට තර්ජනය කරනවා හත්වන විධායක ජනාධිපතිවරයා ගෙදර යැව්ව අපිට ඩීන් කජ්ජක් ද කියලා. අපි අතීතයේ දැකලා තියෙනවා වගකිව යුතු ශිෂ්ය නායකයන් මේ විධියට ආචාර්යවරුන්ට, පීඨාධිපතිවරුන්ට, උපකුලපතිවරයාට පරුෂ වචනයෙන් බැන වැදුණා. මෙන්න මේ වගේ ඉතාම බරපතළ ඛේදනීය තැනකට විශ්වවිද්යාල ඇවිත් තිබෙනවා.
 
මේවා රටේ ජනතාවගෙන් වසන් කළ යුතු නැහැ. ඒ අය දැන ගන්න ඕන. මේවා ජනතාව බදු ගෙවන සල්ලිවලින් නඩත්තු වන ආයතන. අපි වැටුප් ලබන්නේ ජනතා බදු මුදලින්. එහෙම බදුවලින් නඩත්තු වන මේ ආයතන පාදඩකරණයට ලක් කරනවා. ඒ පාදඩකරණයෙන් මුදා ගන්න අපි කටයුතු කරන කොට අපිට අඩන්තේට්ටම් කරනවා. ගෝ හෝම් කියලා පෝස්ටර් ගහනවා. මෙන්න මේ වගේ ශිෂ්ය මාෆියාවක් ක්රියාත්මක වෙනවා.
සාමාන්ය නීතිය හා අධිකරණ පද්ධතිය සමඟ එකතු වෙලා මේ සම්බන්ධව තදබල ක්රියාමාර්ග ගන්නවා. විශ්වවිද්යාල බලධාරීන්ගෙන්, විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවෙන් හා රාජ්ය ආරක්ෂක අමාත්යාංශයෙන් මට සහය දෙන්න කියලා ඉල්ලනවා. මට මරණීය තර්ජන තිබෙනවා. මේ වධකයන්ගෙන් විශ්වවිද්යාල අධ්යාපනය මුදාගත යුතුයි.
 
ශිෂ්යයන්ට තිබෙන ප්රශ්න අපි දන්නවා. අපි අසංවේදී මිනිස්සු නොවෙයි. දේශපාලන පක්ෂවල අතකොළු වුණු අවස්ථාවාදී පාදඩයන්ගේ නරුමයන්ගේ පැත්ත වෙනුවෙන් නොව සියලු සිසුන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අඩු තරමේ සිසුන්ට ආහාර ගැනීමේ අවස්ථාවත් මොවුන් දෙන්නේ නැහැ. ආහාර ගන්නා විට තිරිසනකුටවත් අපි පහර දෙන්නේ නැහැ. මේ නරුම කණ්ඩායම විශ්වවිද්යාලයෙන් අතු ගා දමන්න උදවු කරන්න කියලා නීතිය ක්රියාත්මක කරන අයගෙන් ඉල්ලනවා.”
 
උපුටනය :- මව්බිම
 
අපගේ YouTube සබැඳිය
අපගේ Telegram සබැඳිය
අපගේ Whatsapp සබැඳිය
Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions