Home » රාජපක්ෂලාගේ අපේක්ෂකයා වෙන්න ධම්මිකගෙන් හම්බන්තොටට ඊයේ විතරක් කෝටි 160ක වැඩක්

රාජපක්ෂලාගේ අපේක්ෂකයා වෙන්න ධම්මිකගෙන් හම්බන්තොටට ඊයේ විතරක් කෝටි 160ක වැඩක්

by Plus One

එළඹෙන ජනාධිපතිවරණයට පොහොට්ටුවේ අපේක්ෂකයා වීමට ධම්මික පෙරේරා මහතා දැඩි උත්සහයක නියෙලෙන බව අප කාටත් පෙනෙන්නට තියෙන කාරණාවකි.

ධම්මිකගේ ඩීපි ප්‍රොජෙක්ට් එකත් මේ කැම්පේන් එකට සමගාමීවම ඇදගෙන යනවා.

හැබැයි මොන දේ කලත් අවසාන හැන්ද තියෙන්නේ රාජපක්ෂලා ලගමය. මේ නිසාම මේ දිනවල පොහොට්ටුවේ බරපැන දරන්නෙත් ධම්මික කියලයි ආරංචිය.

රාජපක්ෂලා ෂේප් කරගන්නත් එක්කම දෝ ඊයෙත් ධම්මික හම්බන්තොට ඩීපි ප්‍රොජෙක්ට් එකක් කලා. ඒ ස්සමහාරාම රජමහා විහාරස්ථානයේදී.

තිස්සමහාරාම කලාපයේ පිහිටුවා ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් මධ්‍යස්ථානවලින් පරිගණක භාෂා පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියන් 1300 දෙනෙකුට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් ඊයේ (10) පවත්වා ඇත.

මෙහිදී එම පාඨමාලාවෙන් රුපියල් ලක්ෂ 10ක පියවර සම්පූර්ණ කළ සිසු සිසුවියන් 1,100 දෙනෙකු සඳහා ද රුපියල් ලක්ෂ 25කම පියවර සම්පූර්ණ කළ සිසු සිසුවියන් 200 දෙනෙකු සඳහා ද සහතික පත් පිරිනමලා. ඒ අනුව තිස්සමහාරාම කලාපයේ එම සිසු සිසුවියන් 1300 දෙනා මේ වනවිට සම්පූර්ණ කර ඇති සමස්ත අධ්‍යාපනයේ වටිනාකම රුපියල් මිලියන 1,600ක් ලූ.

හැබැයි ඔය කොච්චර කලත් ධම්මික තේරුන් ගත යුතු දෙයක් ඇත. එනම් බලය කැසිනෝවලට වඩා ඇබ්බැහි වෙන සුලුය. ප්‍රවේශමෙන් පරිහරණය කල යුතුය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions