Home » රනිල් බැසිල් එලිපිට වලි, ගෙදරදි හරි ජොලි

රනිල් බැසිල් එලිපිට වලි, ගෙදරදි හරි ජොලි

by Plus One

ඔන්න එලිපිටම පොහොට්ටුවයි යූන්පී එකයි මරාගන්න පටන් අරන්,

යූන්පී එකේ ලොකු සෙට් එකම බැහැලා රනිල් වික්‍රමසිංහව ආයෙත් ජනාධිති කරන්න තමා බරටම ට්‍රයි එක. සෙට් එකම දැන් රට වටේ යූන්පී පාක්ෂිකයන්ට රැස්වීම් තියමින් යනවා.

ඔය අස්සේ අහස පොලොව නොහුලන කතාත් කියමින් තමා රනිල්ගෙ බ්‍රෑන්ඩ් එක රැස්වීම් වල උස්සන්නෙ. කොටින්ම වජිර.

හැබැයි ඔය මොන සෙල්ලම් දැන්මත් රනිල්ට ආයෙ ජනාධිපති වෙන්න ඕනිනම් ඉස්සෙල්ලාම අපෙක්ෂකයා වෙන්න ඕනි. ඒ අපේක්ෂකයා තොරන සන්ධානෙ දැනට තියෙන ලොකුම පක්ෂය පොහොට්ටුව.

ඒ කියන්නෙ බැසිල්.

පහුගිය කාලෙ ජනාධිපති රනිල් ජොන්ස්ටන්, එස්එම්, රෝහිත වගේ පොහොට්ටුවේ ජේෂඨයන්ට නොසලකපු නිසාත් රනිල් ගත්ත සමහර තීරණ නිසාත් බැසිල් රනිල් ආරවුලක් ගැන දිගින් දිගටම වාර්තා උනා.

ඒ ආරවුල එලියට පැන්නෙ රනිල් ආයෙ ජනාධිපති වෙන්න මැච් එකක් ගහන එක කේවල් කරමින් පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා කීම.

ඒකට බැසිල් ධම්මික වගෙ අයත් ෆෝර්ම් කරමිනුයි ඉන්නෙ.

යූන්පී එකෙන් රැස්වීම් තියන් යන වාරයක් ගානෙම පොහොට්ටුවේ එක එක්කෙනා දාලා දැන් රනිල්ට එලිපිට ගහන්නත් පටන් අරන්.

නාමල් තමා ඉස්සරහින්ම ප්ලේ කරන්නෙ.

ඔන්න ඒ අස්සෙ කලුතර රෝහිතත් ඊයෙ පෙරේදා බර තියලා යූන්පී එකේ රනිල් පොහොට්ටුවේ අපේක්ෂකයා නෙවෙ කියලා කියනවා.

ඒ කියන්නෙ පොහොට්ටුවේ රනිල්ට අපේක්ෂකයා වෙන්න පුලුවන් ද?

 

https://chat.whatsapp.com/JdGc1SkqDhCDwcuvvN0VML

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions