Home » රනිල් එලියට, ධම්මික ඇතුලට: ජනාධිපතිවරණය තුන්කොන් සටනක්

රනිල් එලියට, ධම්මික ඇතුලට: ජනාධිපතිවරණය තුන්කොන් සටනක්

by Plus One

ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට අප කාගෙත් නිගමනයයි. කිසිදු දේශපාලන පක්ෂයකට දේශපාලන කඳවුරකට බහුතරය තවමත් දිනාගත දිනාගත නොහැකි වටපිටාවක වෙනදාට වඩා මෙවර ජනාධිපතිවරණය උණුසුම් වේ යයි යැයි අපට සිතේ. ඊට කදිම උදාහරණයක් නම් මේ වන විට ජනාධිපති අපේක්ෂකයන් පමණක් දුසිම් ගණන් බිහිවී ඇත.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය ඇතිව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වූ අතර ඒ දිනවල අප කාටත් සිතුනේ කුමන හෝ දේශපාලන ගැටයක් ගසා පොදුජන පෙරමුණේ මහින්ද බැසිල් ඇතුලු සියල්ලගේම සහයෝගය අඛණ්ඩව පවත්වාගෙන යමින් රනිල් වික්‍රමසිංහයන් 2024 ජනාධිපති අපේක්ෂකයා ලෙසද පොදුජන පෙරමුණ තීරණය කළ හැකි බවය. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් වූ දවසේ සිට පොදුජන පෙරමුණත් ජනාධිපතිවරයා අතරත් දිනෙන් දින හොඳහිත පළුදුවීම් ගණනාවක් වාර්තා වීමට පටන් ගත්තේය.

පොහොට්ටුවේ ජේෂ්ඨ යන්ට අමාත්‍ය ධුර ලබා නොදීම, එක්සත් ජාතික පක්ෂ පක්ෂය පරාජය වූ කණ්ඩායමකට රජයේ ප්‍රබල තනතුරු ලබාදීම, සමගි ජන බලවේගය කණ්ඩායමක් හෝ රනිල් වික්‍රමසිංහ‍යන් සමග එකතු නොවීම, දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට උත්සහ කිරීම, ආදී කාරණා කදිම නිදසුන්ය. මේ නිසා පොදු ජන පෙරමුණේ බැසිල් නාමල් කණ්ඩායම් සියල්ලටම ලබන වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටත් අලුත් අපේක්ෂකයෙක් තෝරා ගැනීමට සිදුවී ඇත.

මේ බව සනාථ කරමින් නාමල් රාජපක්ෂ පහුගිය දිනක තම පාක්ෂිකයන් අමතා ප්‍රකාශ කළේ, රනිල් වික්‍රමසිංහයන් හට භාරදුන්නේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පමණක් බවත් තවමත් ඔහු සමඟ මතවාදී ප්‍රශ්න ඇති බවත්ය.

කෙසේ වෙතත් 2020 මහ මැතිවරණයෙන් ලද අන්ත පරාජයක් සමග රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂයට මහජන බලයක් නොමැති බවත් ලබන වසරේ ජනාධිපතිවරණට තනිව තරග කර නොහැකි බවත් අප සැමට තේරුම් ගත හැකිය. එම නිසා රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයෙන් සමගි ජන බලවේගය සජිත් සමග හෝ නැතුව නැවත එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සම්බන්ධ කර ගැනීමට දැවැන්ත උත්සාහයක් තවමත් ගෙන යන්නේය. පරණ විරසක අමතක කර යලි මහගෙදරට පැමිණ ලෙස එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් මේ දිනවල තැන් තැන් වල කිය කිය යන බව අපට පෙනෙ.

මීට අමතරව මේ කපුකම සිදුකිරීමට සමගි ජන බලවේගයේ ප්‍රබලයන් ද වැඩ පටන් අරන් ඇත. නමුත් සජිත් ප්‍රේමදාස පාර්ශ්වය දිගින් දිගටම කියා සිටින්නේ එළඹෙන ජනාධිපතිවරණට සමගි ජන ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරන බව ය.

එමනිසා මේ වන විට වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහයන් හට පොදුජන පෙරමුණේ හෝ සමගි ජන බලවේගය සහයෝගයක් නොලැබෙන බවට දේශපාලන විචාරකයන් කියා සිටී. එහෙයින් රනිල් වික්‍රමසිංහ මහතාට ලබන වසරේ ජනාධිපතිවරණ සටනෙන් වත් වීමට වැඩි ඉඩකඩක් නිර්මාණය වී ඇත.

පොදුජන පෙරමුණේ අලුත්ම අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා තම මැතිවරණ ප්‍රචාරක කටයුතු නිර්පාක්ෂික ලෙස පටන් අරගෙන ඇති බව අපට පෙනේ.

ඒ අනුව ලබන වසරේ ජනාධිපතිවරණ සටනේ ප්‍රබලයන් ලෙස සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාත්, පොදුජන පෙරමුණේ නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාත් ඉදිරිපත් වනු ඇත.

මොවුන් තිදෙනාගේම ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මේ වන විට ආරම්භ කොට ඇති අතර කාටවත් සීයට පනහේ සීමාව ඉක්මවා යා නොහැකි බව රචකයාගේ අදහසයි.

නමුත් මේ වන විට සජබය හා ජාජබ හොර රහසේ සන්ධාන ගත කිරීමේ වැඩපිළිවෙළක්ද යම් පිරිසක් ආරම්භ කොට ඇත. ඒ පිළිබඳව ඉදිරියේදී රචකයා වාර්තා කරනු ඇත.

අප සමග දිගටම රැදී සිටින්න

https://chat.whatsapp.com/GEB4vejkAb9JsDZ5pXBi29

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions