Home » රනිල්ට අවුරුදු 10 ක් දෙන්න

රනිල්ට අවුරුදු 10 ක් දෙන්න

by Nirodha Gamage

මේ රට වසර දහයක් වැනි කාලයක් රනිල් වික්‍රමසිංහට පාලනය කිරීම සඳහා ඉඩ ලබා දිය යුතු බවත් එවිට ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම තැනකට ඔසවා තබනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.ඔහු මෙම අදහස් පළ කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

යම් හෙයකින් වෘත්තීය අරගල, වැඩ වර්ජන පැවතෙන්නේ නම් මහජනයා විසින් ඒවාට අවවාද කර පාලනය කළ යුතු බවද ඔහු කියා සිටියේය.

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස අනුමත කරන ලද ගැසට් පත්‍ර පිළිබඳ කළ විමසීමකදී, සංචාරක ව්‍යාපාරයට වැදගත් බීර හා වයින් බලපත්‍ර මාස ගණනක් තිස්සේ ප්‍රමාද වී තිබූ බවත් ඒවා අනුමත කළ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කළේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions