Home » රනිල්ගේ කැබිනට් සංශෝධනයෙන් ඔබ්බට – රටේ රාළ

රනිල්ගේ කැබිනට් සංශෝධනයෙන් ඔබ්බට – රටේ රාළ

by Plus One

පහුගිය 26 වෙනිදා ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවේ වාර අවසාන කළා. ආයෙත් පාර්ලිමේන්තුව රැස්වෙන්නේ පෙබරවාරි 07 වෙනිදා.පෙබරවාරි 07 නැවත නව පාර්ලිමේන්තු සැසිය ආරම්භ වෙන්නේ රනිල් කරන කතාවකුත් එකක්.ඒ එක්කම ගොඩක් දුරට රනිල් කැබිනට් සංශෝධනයකට යන්න තියන ඉඩ වැඩියි.

සාමාන්‍යයෙන් හිතුවොත් පෙබරවාරි මැද තමයි රනිල්ට ඒකට තියන හොඳම කාලපරිච්ඡේදය. මොකද මාර්තු පැනලා කරන කැබිනට් සංශෝධනයක් රනිල්ගේ ගමනට වැඩක් නෑ.ඒ නිසා පාර්ලිමේන්තු සැසිය ආරම්භත්,ඒකෙදී රනිල් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශණයත්,රීෂපල් එකත් එක පේලියට එන දේශපාලන පණිවිඩය ගොඩක් කියලයි රටේ රාළට නං හිතෙන්නේ.

පහුගිය දවසක රනිල් හිටපු පෝරම් එකකදී රනිල් කිව්වේ මැතිවරණයට එන දේශපාලන පක්ෂ තමන්ගේ වැඩපිලිවෙල රටට ඉදිරිපත් කරන්න ඕනි කියලා.ඇත්තටම එක හොඳ අදහසක්.ඒකෙදී අනෙක් දේශපාලන පක්ෂවලට වගේම රනිල්ගේ ටාගට් එකත් රනිල් කියන්න ඕනි.එහෙම නැතිව 2048 දී රට සංවර්ධිත රටක් කරනවා කියන සංකල්පය විතරක් කියලා නං වැඩක් නෑ.

රනිල්ගේ ආර්ථික දර්ශනයට අනුව දැන් කෙටිකාලීන ආර්ථික වැඩපිලිවෙලක් යනවා.ඒක ගැන නෙවෙයි රටේ රාළ මේ කියන්නේ.2024 ජනාධිපතිවරණයෙන් රනිල් ජයග්‍රහණය කළොත් කොහොමද එතනින් එහාට යන්නේ කියලා රනිලුත් රටට කියන්න ඕනි.එහෙම නැතිව 2048 ගැන සංකල්පයකුයි,අනුප්‍රාප්තික ජනාධිපති කාලේ වැඩපිලිවෙලයි පෙන්නලා අනිත් අයගෙන් වැඩපිලිවෙල ඉල්ලන එක සදාචාරාත්මක නෑ.

රනිල් රනිල්ගේ ඉදිරි පස් අවුරුදු වැඩපිලිවෙලත් කියන්න ඕනි.දැන් රනිල් කැබිනට් සංශෝධනයකට යනවා නං ඒක කොහොමද කරන්න ඕනි කියලා එක එක්කෙනා එක එක අදහස් කියනවා.ඒක හරියට නිශ්චිත වෙන්න ඕනි.රනිල් ඒකෙදී කරන්න ඕනි පොහොටුව හරි,රාජපක්ෂලා හරි සතුටු කිරීම නං නෙවෙයි.මේ ආර්ථික මෙතනින් එහාට නගා සිටුවන්න ඕනි කරන බැලන්ස් එක ඒ රීෂෆල් එක ඇතුලේ තියෙන්න ඕනි.

ඒක කරන්න ඕනි වෙලා තිබුණ සර්වපාක්ෂික ආණ්ඩුව හදාගන්න මේ රටේ දේශපාලනඥයින්ට බැරිවුනා.දැන් එහෙනං රනිල් අඩුම ගානේ හදන්න ඕනි ඒ වැඩේට ගැලපෙන ව්‍යුහයක්.ඒතනදී ආණ්ඩුවේද,විපක්ෂයේදි කියලා අදාල නෑ.සුදසු අය අරගෙන සර්වපාක්ෂික ආණ්ඩු මෙඩ්ල් එකකට පදනම දාන රීෂෆල් එකක් තමයි රනිල් කරන්න ඕනි.

මොකද විපක්ෂයේ අය සර්වපාක්ෂික ආණ්ඩුවකට එන්න ලෑස්තිත් නෑ. එතකොට රනිල්ටත් ඊළඟ අදියරේදී කරන්න පුළුවන් වැඩටික ගැන අදහසක් හදාගන්න පුළුවන්.ඒ වගේම ඒ ගැන අදහසක් රටට දෙන්න පුළුවන්.එතෙන්දි තමයි රනිල් ඊළඟ අවුරුදු පහට බර තියන සැලැස්මක් ඕනි වෙන්නේ.එහෙම එකක් රනිල්ට තියන බවක් පේන්නේ නෑ.

දැන් මේ කෙටිකාලීන ආර්ථික වැඩපිලිවෙලට අදාල රනිල්ගේ සැලැස්ම අපි දන්නවා.ඒක එන්නේ කෙටි කාලයක් ඇතුලත සල්ලි හෙවීමේ වැඩපිලිවෙලක් විදිහට.විදේශ රැකියා ලබාදීම.සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන කරන්න ගත්ත උත්සාහය.ජනතාව මත අධික බදු බර පැටවීම වගේ ක්‍රියාමාර්ග රනිල් ගත්තේ ඒ වෙනුවෙන්.

IMF ගියේ ඒ වෙනුවෙන්.හැබැයි දැන් ඒ කෙටිකාලීන ක්‍රියාමාර්ගවලින් එහාට ගිය රනිල්ගේ දිගුකාලීන ආර්ථික වැඩපිලිවෙලත් රටට ඕනි.නිකං මෙහෙම හිතන්නකෝ දැන් මේ පටවලා තියන බදු බරෙන් ජනතාව නිදහස් කරන වැඩපිලිවෙල මොකද්ද?ඒ වෙනුවෙන් තියන්න ඕනි මුල් පියවර මොකද්ද?

රනිල් සංචාරක කර්මාන්තයේමට මුල ඉදලම බර තිබ්බා.ඒ වගේම තවත් ඒ වගේ ක්ෂේත්‍ර ගොඩක් තියනවා. කෘෂිර්මාන්තය සහ කර්මාන්තය ක්ෂේත්‍රය ඊට හොඳම උදාහරණ.ඒ වගේම රටේ ශ්‍රම බලකාය විදිහට ගන්න පුළුවන් වයස් පරතරවල ඉන්න අයට කරන්න නිශ්චිත වැඩ ටිකක් ඕනි.දැන් නිකං හිතන්නකෝ රට යන අය ගිහින් එහේ වැඩක් කරලා රටට සල්ලි එවනවා.

හැබැයි රටේ ශ්‍රම බලකායට දායක කරගන්න ඕනි ගොඩ දෙනෙක් නිකං ඉන්නවා.අනිවාර්යයෙන්ම ඒකට සැලැස්මක් ඕනි.ඒ වැඩේ කර්මාන්ත ක්ෂේත්‍රයට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට බෙදිලා යන්න ඕනි.ඒ වගේම ඒ අවස්ථා ප්‍රසාරණය කරන්න ඕනි.දැන් ගත්තොත් සමහර ඒවා යම් ප්‍රමාණයකට ඇක්ටිව් කරලා තියනවා.

ඒත් තවමත් ඒවා වැඩිපුර යන්නේ දේශපාලන හිතවත්කම්වලට.ඒ වෙනුවට ඇත්ත සමීක්ෂණයක් කරලා මේ ප්‍රතිපාදන දෙන්න ඕනි කාටද කියන එක සම්බන්ධව නිවැරදි වැඩපිලිවෙලක් ඕනි.ඇත්තටම වෙන්න ඕනි වැඩක් කරන මිනිස්සු අදුරගෙන එයාලට දෙන්න. එතකොට එයාලා රටේ ආර්ථික සහ සමාජ ක්‍රියාවලියට යහපත් ලෙස අනුගත වෙයි.

අපේ රටේ සංචාරක ක්ෂේත්‍රයේ යම් ප්‍රබෝධයක් දැන් ඇතිවෙලා තියනවා.මීට අවුරුද්දකට උඩදී සංචාරක කර්මාන්තයේ හිටපු අයගේ තිබුණ කනගාටුවට යම් ප්‍රමාණයකට දැන් පහව ගිහින්.ඒ සංචාරක ක්ෂේත්‍රයේ ඇතිවෙලා තියන ප්‍රබෝධයත් එක්ක.දැන් මීට ඉස්සෙල්ලා මේ සිස්ටම් එකට එරෙහිව හිටපු සංචාරක ව්‍යාපාරයේ නිරත අය දැන් ආයෙත් මේ system එක රකින්න පෙනී ඉන්නවා.

රටේ රාළ කියන්නේ සංචාරක ක්ෂේත්‍රයට විතරයක් නෙවෙයි කර්මාන්ත, කෘෂිකර්මාන්ත.ධීවර,වැවිලි ඇතුළු හැම ක්ෂේත්‍රයකටම එහෙම සැලැස්මක් ඕනි.ඒක නිසා අනිත් අයගෙන් වැඩපිලිවෙලවල් ඉල්ලන්න ඉස්සෙල්ලා රනිල් තමන්ගේ වැඩපිලිවෙල කියලා හිටියොත් හොදයි.ඕනි නං පාර්ලිමේන්තු සැසිය නැවත ආරම්භ කරන 07 වෙනිදා රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණ කතාවට ඒකේ දළ සැකැස්ම ඇතුලත් කරන්න පුළුවන්.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

 
Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions