Home » රට ගොඩ ගන්න අකමැත්තෙන් පටි තද කරන්න සූදානම්

රට ගොඩ ගන්න අකමැත්තෙන් පටි තද කරන්න සූදානම්

by Nipuna Fernando

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගෙන නිවැරදි ආර්ථික කළමනාකරණයට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. පසුගිය කාලයේ සිදු කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා රටට රුපියල් බිලියන 700ක් අහිමි වී ඇති බවත් එමෙන්ම පසුගිය වසර දෙක හමාර තුළ රුපියල් බිලියන 2300ක මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය 70%කින් වැඩිවී ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. ඍජු බදු වැඩි කර, රටේ ආදායම වැඩි නොකළ හොත් නැවත පෝලිම් යුගයකට යාමට සිදුවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඊයේ (19) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. රටේ ආදායම වැඩි නොකර ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ගොඩගැනීමට නම් අකමැත්තෙන් වුවද අසීරු තීන්දු තීරණවලට එළැඹිමට සිදු වන බව වැඩිදුරටත් සඳහන් කරන ලදි.

එම ප්‍රකාශය පහත දැක්වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions