Home » මුළු ජාතියටම හමුදා පුහුණුවක් දෙන්න – රතන හිමි

මුළු ජාතියටම හමුදා පුහුණුවක් දෙන්න – රතන හිමි

by Plus One

අවුරුදු 18 දී හෝ 20දී හෝ අතර කාලයේදී මුළු ජාතියටම සන්නද්ධ හමුදා පුහුණුව ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පවසනවා.

ඊයේ (24) පැවති අයවැය විවාදයේදී අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, අද ජාතියේ විනය පිරිහී ඇති බවත් තරුණයන්ට කිසිම පෞරෂයක්ද නොමැති බවයි. අද තරුණයින්ට අඩි 10ක වතුර තියෙන ගඟකට යම් තරුණයෙක් පැන්නහොත් ඔහු මියයන බවත් මුහුදේ දිය නෑමට නොහැකි බවත් පොල්ගසකට හෝ නැග ගැනීමට නොහැකි බවද උන්වහන්සේ සඳහන් කළා. ඒ අනුව අවුරුදු 18 දී හෝ 20 දී අතර කාලය තුළ අවුරුද්දකට හෝ මාස 6කට මේ රටේ මුළු ජාතියම සන්නද්ධ හමුදා පුහුනුවකට යොමු කරන ලෙසත් එය රටට බලහත්කාරකමක් නොවන බවයි අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ වන්නේ නැවතත් ගෝඨාභය රාජපක්ෂ වැනි උන්මත්තක ජනාධිපති කෙනෙකු ගෙන ඒමට අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක් සූදානම් වන වගයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions