Home » මිලියන 300කට රැකියා නැතිවෙයි

මිලියන 300කට රැකියා නැතිවෙයි

by Nirodha Gamage

කෘතීම බුද්ධිය හේතුවෙන් ලොවපුරා පුද්ගලයින් මිලියන 300කට පමණ ස්ථීර රැකියා අහිමිවිය හැකි බව නවතම වාර්තා පෙන්වා දෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ සහ යුරෝපයේ ශ්‍රමිකයන් මෙම අවධානමට මුහුණදී සිටින බවයි එම වාර්තා සනාථ කරන්නේ.ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් රාශියක් කෘතීම බුද්ධිය සිය ව්‍යාපාර කටයුතු සිදු කිරීමට යොදාගන්නේ නිවැරදිභාවය, විශ්වාසනේයත්වය හා අඩු පිරිවැටුප හේතුවෙන්.

තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගම් මීට වසරකට පෙර කෘතීම බුද්ධිය සිය ව්‍යාපාර කටයුතු සඳහා යොදවාගත් ප්‍රමාණයට වඩා 10000% ගුණයකින් මේ වසර වනවිට සිය ව්‍යාපාර කටයුතු සඳහා කෘතීම බුද්ධිය භාවිතා කරන බව සඳහන්.

අමෙරිකාවේ සහ යුරෝපයේ වෘත්තීන් 25%කට පමණ කෘතීම බුද්ධිය භාවිතයත් සමග බලපෑම් එල්ලවිය හැකි බව එම වාර්තාවේ දැක්වෙයි.

එහෙත් එම ක්ෂේත්‍රයේ වර්ධනයත් සමග නව රැකියා අවස්ථා ඇතිවිය හැකිවීමත් ඵලදායිතාවය සැලකිය යුතු ලෙස දියුණුවීමත් ධනාත්මක ලක්ෂණ බව එහි සඳහන් වෙයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions