Home » මට මුදල් ඇමතිකම එපා! හර්ෂලාව ෂේප් කරගන්න ගොඩහේවා සමාජ මාධ්‍යයේ සටහනක් තැබුවේ සජිත් හින්ද ද?

මට මුදල් ඇමතිකම එපා! හර්ෂලාව ෂේප් කරගන්න ගොඩහේවා සමාජ මාධ්‍යයේ සටහනක් තැබුවේ සජිත් හින්ද ද?

by Plus One

 

“කන්ඩායමක් තුල බේද ඇතිකිරීමේ සතුරු උපක්‍රමවලින් පරිස්සම් වීමට දේශපාලනය කරන්නන් පරිනත විය යුතුය. පලමුව සියලු දෙනා එක්වී ඊලඟ මැතිවරණය ජයග්‍රහණය කල යුතුය. ආන්ඩුවක් ආවොත් මුදල් ඇමති කම දැරිමට සුදුසු කෙනෙකු සජබ ජේෂ්ඨයන් අතරින්ම නායකයා විසින් තෝරා ගැනෙනු ඇත. ඒ සඳහා අපි සහාය දෙන්නෙමු.”

මෑතකදී සජිත් ප්‍රේමදාස මහතාගේ ලගම දේශපාලන සගයෙකු හා විස්වනීයෙකු ලෙස කටයුතු කරන නාලක ගොඩහේවා මහතා සිය ටිවිටර් ගිණුමේ තැබූ සටහනකි.

පොහොට්ටුවෙ අය සජබට ගැනීම සජිත්ගේ ජනපති ඉලක්කය ජයගන්නට යොදා ගන්නා උපක්‍රමයයි. නමුත් ඊට සජබ ඇතුලෙ කචල් ය. නාලකලා ජී එල්ලා වගේ ගෝඨාභය ආණ්ඩුවේ ප්‍රබලයන් සජබයට ගැනීම සජබයේ ඇතැමුන්ට අවාසිය.

කෙසේ වෙතත් නාලකගේ සටහනට එරන්ද ගිනිගේ යලි පිළිතුරක් ලබා දී තිබිණි.

“ආණ්ඩුව ආවොත්” යනුවෙන් ගොඩහේවා කියන්නේ ඇයි? එය හරියට වැසි වැස්සොත්, ගඟ ගලයි වැනි අනියමාර්ථයේ අසම්භාව්‍ය කතාවකි. එයින් හැඟවෙන්නේ කුමක්ද? සජිත්ට ආණ්ඩුවක් හදන්න පුළුවන්ය කියා ගොඩහේවාට ෂුවර් නැතිවා වාගේ නේද…

නොඑසේ නම් හර්ෂ සහ එරාන් ඉන්නා මේ පින්තූරය දමා මේ කරන්නේ ඔවුන්ට සරදම් කිරීමක්ද? ගොඩහේවා ආවාට ගියාට කිසිවක් නොකරන බව මා දනී. එබැවින් ඔහුගේ මේ ඉඟි පිළිබඳව අප සැලකිලිමත් විය යුතුය. World Economic Forum එකේ logo ව ගෙඩි පිටින් කොපි කර World වෙනුවට SJB කියා ලියා හෙන පොරවල් මෙන් වේදිකාවේ වාඩි වී සිටීම ගැන ගොඩහේවා දෙකොනින් සිනා සෙන බව මා දනී. එයට හේතුව අප දෙදෙනාම එකල සජිත්ගේ මේ සිඟිති ආතල් වැඩ ගැන හිනා වී ඇති බැවිනි.

ඇතැමෙකු මා හට කීවේ සජිත්ගෙන් බැනුමක් අසා ගොඩහේවා මෙය කලබලේට කළ ප්‍රකාශයක් බවයි. ඔහුගේ ප්‍රකාශයේ ඇති ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාස දෝස නිසා එසේ සිතීමටද හැකිය. සාමාන්‍යයෙන් ගොඩහේවා මේ ආකාරයට ළාමක වැරදි සහිතව ප්‍රකාශ නිකුත් කරන්නේ නැත.

මා හිතන්නේ මේ ගොඩහේවා හර්ෂට එරෙහිව දුන් ලා අතුල් පහරක් කියාය. මේ කරන්නේ SJB යේ “ජ්‍යෙෂ්ඨ” හෙවත් පැරණි හෙවත් යල් පැන ගිය ආර්ථික ඔස්තාර්ලා ජෝක් එකට ගැනීමයි. ගොඩහේවා මේ සටන එහෙම ලේසියෙන් අත හරින්නේ නැත.

මේ මොහොතේ වඩාත්ම අවදානමක ඉන්නේ සජිත් ය. හදිසියේවත් ගොඩහේවා SJB යෙන් ඉවත් වී සජිත්ගේ ළාමක ටින් ටින් මෝඩ වූන් වැඩ ගැන මාධ්‍යයට කියන්නට ගතහොත් පුතානෝ එතනම ඉවරය. ගෝඨාභයට ද්‍රෝහී වූ ගොඩහේවාට සජිත්ට ද්‍රෝහී වීම මහ කජ්ජක් නොවේ. රනිල්ට ද්‍රෝහී වූ හර්ෂටත් එය මහ කජ්ජක් නොවේ.

එරන්ද ගිනිගේ
2023 ජනවාරි 19

Join with us – https://chat.whatsapp.com/JdGc1SkqDhCDwcuvvN0VML

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions