Home » බ්‍රිතාන්‍යය මහ පුටුවට ඉන්දියානුවෙක්!

බ්‍රිතාන්‍යය මහ පුටුවට ඉන්දියානුවෙක්!

by Nipuna Fernando

ආසියානු සම්භවයක් ඇති ප්‍රථම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වරම ඉන්දීය සම්භවයක් ඇති හිටපු මුදල් ඇමති රිෂී සුනක්ට හිමිවීමට ඉඩ ඇති බව බ්‍රිතාන්‍ය පුවත් වාර්තා කරයි. ඒ බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ නායකත්ව සටනට පිවිස සිටි අපේක්ෂිකාව එම සටනින් ඉවත්වීම හේතුවෙනි. ඊට පෙර බ්‍රිතාන්‍යය හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ බොරිස් ජොන්සන් ද තමන් කොන්සවේටිව් පක්ෂයේ නායකත්ව සටනින් ඉවත්වන බව නිවේදනය කළේය. ඒ සමඟ බ්‍රිතාන්‍යය ‍පාලක කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයට රිෂී සුනක් පත්ව තිබෙන අතර ඒ අනුව පාලක පක්ෂයේ නායකයා, බ්‍රිතාන්‍යයේ අගමැති බවට පත් වීමේ ප්‍රතිපත්තිය මත ඔහු එරට නව අගමැතිවරයා ලෙස ද පත් වීමට නියමිතයි. ඒ අනුව තවත් සති හතරකට පසුව ඔහු බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිත බවය වාර්තා වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions